වවුනියාව, සෙට්ටිකුලම, සින්නතම්පනෙයි ප්‍රදේශයේ කැලෑවක සඟවා තිබූ මරාගෙන මැරෙන ප්‍රහාර වෙනුවෙන් යොදාගන්නා ඇඳුම් කට්ටල දෙකක් සොයාගත් බව වවුනියාව ආරක්ෂක අංශ පවසයි.
ආරක්ෂක අංශ පැවැසුවේ වවුනියාව රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරීන් වෙත ලද තොරතුරක් මත සඟවා තිබූ මරාගෙන මැරෙන ඇඳුම් කට්ටල සොයාගත් බවයි.
සොයාගත් මරාගෙන මැරෙන බෝම්බ ඇඳුම් කට්ටලවල තිබූ පුපුරන ද්‍රව්‍ය වර්තමානයේදීද ජීව තත්ත්වයේ පවතින බැවින් පොලිස් විශේෂ කාර්ය බළකා බෝම්බ නිශ්ක්‍රීය අංශය, වවුනියාව මහෙස්ත්‍රාත් අධිකරණ නියෝග මත අදාළ පුපුරන ද්‍රව්‍ය නිශ්ක්‍රීය කිරීමට කටයුතු කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් සෙට්ටිකුලම පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.