Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

සංවර්ධනයේ ප්‍රතිලාභ පක්ෂවලට බෙදීම නතර කළ යුතුයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

රටේ සංවර්ධනයෙන් පුරවැසියාට ලැබෙන ප්‍රතිලාභ පක්ෂ, පාටවලට බෙදීම නතර කළ යුතු බව ජනමාධ්‍ය ඇමැති ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළේය.

සංවර්ධනය, රටක පුරවැසියන් වෙනුවෙන් ක්‍රියාත්මක වන දෙයක් බැවින් සංවර්ධනය සෑම විටම රටේ ආණ්ඩුවකට ගැට ගැසිය යුතු නැතැයි ද ජනමාධ්‍ය ඇමැතිවරයා සඳහන් කළේය.

එදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා 2006දී රට බාර ගනිද්දී අංශ තුනකින් රට ඉතාම බරපතළ තත්ත්වයකයි තිබුණේ.



එල්ටීටීඊ සංවිධානයෙන් බදු ගත්ත යුගයක, මුහුදෙන් තුනෙන් දෙකකට යා ගන්න බැරි අවස්ථාවක තමයි එතුමා රට භාර ගත්තේ. අනිත් පැත්තෙන් ස්වභාවික ව්‍යසනයක් හැටියට සුනාමියෙන් රට විනාශ වෙලා 50,000කට සන්න ජීවිත ප්‍රමාණයක් නැති වෙලා විශාල ව්‍යසනයකට ලක් වී තිබුණා. අනිත් පැත්තෙන් මුළු ලෝකයම තෙලෙන් බැදුණු යුගයක්.

තෙල් බැරලයක් ඩොලර් එකසිය විස්සක් විතර වුණා. පෙට්ට්‍රෝලියම් මිල විතරක් ඩොලර් බිලියන 5.7ක් විතර වුණා. මේ සියලු අභියෝග ඉදිරියේ තමයි රට භාර ගත්තේ. එහෙම බාර ගත් රට වසර තිහක් තිස්සේ පැවැති යුද්ධය අවසාන කර දැවැන්ත සංවර්ධනයක් ගෙන එන්න කටයුතු කළා. අනපේක්ශිත ප්‍රශ්න සියල්ලට මුහුණ දීමේ හැකියාව ලැබුණා.



ජනාධිපතිතුමා එක වචනයයි මගෙන් ඉල්ලුවේ. මේ එල්ටීටීඊ සංවිධානය ලෝකයට ගෙන යන මාධ්‍ය හරඹය යම් කිසි පාලනයක් නොකළහොත් මේ ගෙන යන යුද්ධය අපට අපහසු වනවා කියන එකයි.

centre for national security කියන නම දැම්මේ මායි. අපට අත් දැකීම් තිබෙනවා. ඒ නිසා යම් කාර්යභාරයක් කරන්න පුළුවන් කියා අප හිතනවා. ඒක දේශපාලන වටාපිටාවක් නෙමෙයි. රටේ පුරවැසියා ආරක්ෂා කිරීමේ වගකීමක්.

ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් ජගත් පී. විජේවීර මහතා ද මෙහිදී අදහස් දැක්විය.

මෙම අවස්ථාවට රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කළුවැව මහතා ප්‍රමුඛ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ආයතන ප්‍රධානීන් මෙන්ම ජනමාධ්‍යවේදීන් රැසක් එක්ව සිටියහ.

Scroll to Top