කොරෝනා මර්දන එන්ත්කරණ වැඩසටහන යටතේ ප්‍රමුඛතාව දී ඇති සියලුදෙනා කිසිඳු බියකින් තොරව එන්නත ලබාගන්නා ලෙස කොරෝනා මර්දන රාජ්‍ය ඇමතිනී සුදර්ශණී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ඉල්ලීමක් කරනවා.
දැනට භාවිත කරන කොවිෂීල්ඩ් එන්නතේ අතුරු ආබාධ ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකරන අසත්‍යය ප්‍රචාරවලට බිය නොවන ලෙසයි ඇය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
එන්නත්කරණ වැඩපිළිවෙල සම්බන්ධයෙන් අදහස් දක්වමින් සුදර්ශණී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය මේ බව සඳහන් කළා.
කොරෝනා මර්දන එන්නත ලබාදීමේදී පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරුන්ද ප්‍රමුඛතා ලැයිස්තුවට ඇතුලත් කිරීමට ගත් තීරණය පිළිබදවද රාජ්‍ය අමාත්‍ය සුදර්ශණී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය මෙහිදී කරුණු පැහැදිලි කළා.
දේශපාලනඥයන් යනු නිරන්තරයෙන් මහජනතාව ඇසුරු කරන කණ්ඩායමක් බැවින් ජනතාවට වෛරසය සම්ප්‍රේෂණයවීමට ඇති අවදානම සැළකිල්ලට ගෙන එම තීරණය ගත් බවයි ඇය පෙන්වා දුන්නේ.