සහල් මිල උත්සව සමය වනවිට ඉහළ යා හැකි බව සමස්ත ලංකා සුළු හා මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයින්ගේ සංගමය සඳහන් කරයි.
වී මිලදී ගැනීමේ කටයුතු ආරම්භ වී තිබුණත් මහා පරිමාණ මෝල් හිමියන් සහ ගැනුම්කරුවන් තොග සැඟවීමේ කටයුතු මෙවර ද සිදු කරන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
කෙසේ වෙතත් රජය වී කිලෝ මෙට්‍රික් ටොන් ලක්ෂ 03ක් මිලදී ගැනීමට සුදානම්ව සිටිනවා.