අද අපි මේ ගත කරන්නේ වසර දෙදහස් ගණනක් අඛන්ඩව ගලාගෙන සිංහල බෞද්ධ ශිෂ්ඨාචාරය වෙනස් කරපු ඉංග‍්‍රිසි ආණ්ඩුව සහ සිංහලේ නායකයෝ අත්සන් කරපු ගිවිසුමේ ඉඳලා අවුරුදු 206 ක් ගත වෙන වර්ෂය.
අපි මේ මුලපුරන්නේ 1815 දි අපට අහිමි වුන නිදහස මේ රටේ සැබෑ භුමිපුත‍්‍රයන්ට දිනා ගැනිමේ අරගලයට පණ පොවන්නයි. සිංහලේ සම්මුතිය සැබැ නිදහස් අරගලය වෙනුවෙන් කැප වෙන සියලූ දෙනාට එක් වෙන්න පුළුවන් සම්මුතියක් බවට පත් කරනවා.
අද දවසේ අපි මේක කෙටුම්පතක් වශයෙන් ඉදිරිපත් කලත්,ත්‍රෛනිකායික මහානායක හිමිවරුන් ප‍්‍රමුඛ මෙරටේ භූමිපුත‍්‍රයන්ගේ අදහස් වලින් පෝෂණය කරලා අවසාන සම්මුතිය අපි සෙංකඩගල පුරවයේදි දළදාවහන්සේ අභියස සිංහලේ රාජකීය කොඩිය සෙවණේ අපි ජාතියට ප‍්‍රතිඥාවක් දෙනවා මේ සම්මුතිය දිනා ගන්න. අපි ආරාධනා කරනවා සියලූ සංවිධානවලට මේ සම්මුතිය පෝෂණය කරන්න, සම්මුතිය දිනා ගන්න අපිත් එක්ක එකතු වෙන්න කියලා.
චෙල්වනායගම්, පොන්නම්බලම් , අමිර්තලිංගම්ගම් වගේ සටකපට දේශපාලඥයන් විතරක් නෙමේ සභාරත්නම්ලාට, වර්ධරාජා පෙරුමාල් වගේ අයටත් ප‍්‍රභාකරන් ඇතුලූ සියලූ දෙමළ ත‍්‍රස්තවාදි සංවිධානවලටත් පොදු සම්මුතියක් තියෙනවා.
මහා විද්වතුන් වශයෙන් ලෝකය ඉස්සරහා පෙනි හිටපු නීලන් තෙරුචෙල්වම් වගේ අයටත් ඒ සම්මුතියමයි තියෙන්නේ. ඒ වෙන මොකක් වත් නෙමේ පට්ටපල් බොරු ප‍්‍රබන්ධයක් මත පදනම්වුණ ඊනියා දෙමළ නිජභූමිය. සම්භන්ධන්ලා, විග්නේෂ්වරන්ලා, ආනන්ද සන්ගරිලා මොන විරසකය තිබුණත් පෙනි ඉන්නේ ඒ නිජභූමි මිත්‍යාව වෙනුවෙන්. වඩුක්කොඬේ සම්මේලනය, තිම්පු සාකච්ඡුා , ඉන්දු ලංකා ගිවිසුම චන්ද‍්‍රිකාගේ පැකේජය මේ සියල්ලටම එකම පදනමක් තියෙන්නේ.
මුස්ලිම් දේශපාලඥයාටත් එහෙමයි. ඔවුන්ට ඔලූවිල් සම්මුතිය තියෙනවා. මුස්ලීම් නීති අහෝසි කරනවාට, ආදාහනය කරනවාට ඔවුන් සියලූ දෙනා විරුද්ධයි. හොඳම උදාහරණය පාස්කු ප‍්‍රහාරය. හකීම්ලා, බදුරදීන්ලා, මුජිබර් රහමන්ලා විතරක් නෙමේ ශ‍්‍රිලනිපයේ හිටපු ෆවුසිලාත් එජාපයේ කබීර් හෂිම්ලාත් ඒ වෙලාවේ එකට හිටගත්තා. ඒ ගොල්ලන්ට පක්ෂයට උඩින් ආගම සහ වර්ගය තියෙන්නේ.
ජාතික ව්‍යාපාරයේ දේශපාලන භුමිකාව ගැන යළි හිතන්න මේක සුදුසුම අවස්ථාව. දෙමළ සහ මුස්ලිම් දේශපාලඥයන් මෙහෙම කරද්දි අපි අපේ කියලා හිතාගෙන පාර්ලිමේන්තුවට යවපු මිනිස්සුන්ට මොකද උනේ. ඒ ගොල්ලෝ සීසී කඩ විසිරිලා තැන් තැන් කොඳුරනවා. හුදකලා සටන් කරනවා. 20 ගේන කොට සර් සංවේදි වුණාම සටන ඉවරයි.
වරාය විකුණන කොට ඒක විරුද්ධ වෙන කොට සාමුහික වගකීම කඩ වෙනවලූ. අපේම ජාතික ව්‍යාපාරයේ හිටපු මිනිස්සු සුද්දාටත් වඩා වෙස්මිනිස්ටර් අකෘතියේ වහල්ලූ වෙලා. අපිට කියනවා ආණ්ඩුව ඇතුලේ ඉන්න කොට ඉස්සර තිබ්බ නිදහස දැන් නෑලූ. උන්ට අදාලම නැති අපිට විතරක් නැති සාමුහික වගකීම.
මේ ආන්ඩුව තුල ඉන්න ජාතිකවාදි නායකයෝ පෙන්වලා තියෙනවා සභාගවාදය තුල ජාතිකවාදයට යන්න පුළුවන් උපරිම දුර මෙච්චරයි කියලා. ප‍්‍රධාන පක්ෂයක් අස්සෙන් රිංගලා ඒකේ බලය ගන්න එක, එහෙම ගිහින් ආන්ඩුවට බලපෑම් කරන එක , දියවෙලා ගිය ශ‍්‍රිලනිපය හරි එජාපය අල්ලගන්න එක අසාර්ථක යල්පැනපු සිතුවිලි විතරයි. ආයෙත් ඒවා අත් හදා බලන්න දෙයක් නෑ.
දැන් අපි කරන්න හදන්නේ මොකක්ද? තියෙන පක්ෂවලට විකල්පයක් හැටියට තවත් විකල්ප පක්ෂයක් හදන එක ද? බ‍්‍රිතාන්‍යයන් විසින් වාර්ගිකත්වය අපිව බෙදා වෙන් කරන්න යොදා ගත්ත කිවුවට ඊට වඩා අපිව බෙදලා තියෙන්නේ මේ පක්ෂ වලින්. සුද්දා ගෙනාපු මේ වෙස්ට්මිනිස්ටර් අච්චුවේ අපිට පාර්ලීමේන්තුවේ 2/3 ක් නෙමේ 3/3 ලැබුණත් අපිට සිංහල බෞද්ධ රාජ්‍යයක් සිංහල බෞද්ධ සමාජයක් , දේශපාලනයක් ආර්ථිකයක් හදා ගන්න බෑ.
මේ ආයතන ව්‍යුහය පාර්ලීමේන්තුව, උසාවිය , අනෙකුත් ආයතන අපිට ගැලපෙන දේවල් නෙමේ. අපි මේ සම්මුතියේ යෝජනා කරනවා සංඝත්තාණියක් නැත්නම් සංඝරාජ තනතුරක් එක්ක උත්තරීතර සංඝ සභාවක් හදන්න රාජ්‍ය පාලනයට උපදෙස් දෙන්න. දැන් ඕක මේ ඉන්න ලිබරල්වාදි ළිං මැඩියන්ට තේරුම් ගන්න බෑ. එයාලා එක්කෝ දන්නේ නෑ, නැත්නම් නොදන්නවා වගේ ඉන්නවා එංගලන්තයේ සාමි මන්ත‍්‍රණ සභාවේ නිල බලයෙන් බිෂෝප් වරු 26 දෙනෙක් ඉන්නවා කියලා.
අපේ නායකයා සිංහල බෞද්ධ වෙන්න ඕන. එංගලන්තයේ නායකයා රැජීන. ඇන්ග්ලිකන් සභාවෙන් පිට යන්න තහනම්. පසුගිය දවසක පාර්ලිමේන්තුවේ නායක ස්වාමීන්වහන්සේ කෙනෙක්ගේ අපවත්වීම වෙනුවෙන් ශෝකය ප‍්‍රකාශ කරන්න ඉල්ලූවම, ඒක එහෙම කරන්න බැහෑලූ පාර්ලිමේන්තුවේ න්‍යාය පත‍්‍රයට දාන්නේ නැතුව. ඇමරිකාවෙ ජනාධිපති දිවුරුම් දෙන්නේ බයිබලය උඩ අත තියලා. ඕස්ට‍්‍රේලියාවේ පාර්ලිමේන්තුව පටන් ගන්නේ දෙවියන් සිහි කරලා.
ඇයි අපේ පාර්ලිමේන්තුවට වැඩ පටන් ගන්න කලින් පන්සිල් ගන්න බැරි.
අපිට හිතන්න බැරි කමක් තියෙනවා. ධර්මපාල තුමා කිවුවා වගේ අපි නියම කලූ සුද්දො. සුද්දට වඩා සුද්දෝ. අපි සුද්දටත් වඩා හොඳට උන්ගේ ක‍්‍රමය කරේ තියන් යනවා. අපේ අධ්‍යාපනය බ‍්‍රොයිලර් ක‍්‍රමයට කලූ සුද්දෝ පැටවු ගස්සනවා. ඇමරිකාව එක ෆුල්බ‍්‍රයිට් ශිෂ්‍යත්වයකට වියදම් කලාම ඒ මහාචාර්‍යවරයා විශ්ව විද්‍යාලය හරහා සරසවි සිසුන්ටත් ඒ ගොල්ලෝ හරහා පාසල් පද්ධතියටත් ඒ දැනුම් පද්ධතිය දෙනවා. බටහිර දැනුම නොමිලේම සමාජ ගත වෙනවා. අපි අපේම වගේ භාර ගන්නවා.
දැන් සිද්ධ වෙන්නේ නකුට විසින් බල්ලා නටවන දේශපාලනයක්. රුවන්වැලිසෑය ළග දිවුරුම් දුන්නට, ආණ්ඩුවේ මුස්ලීම් එක ඇමතිවරයකුට පුළුවන් සමස්ත මුස්ලිම් ප‍්‍රජාවගේ අයිතිය වෙනුවෙන් පෙනි සිටින්න. අන්තිමේදි ඊයේ පාර්ලීමේන්තුවේදි භුමිදානයට අනුමැතිය දෙන බව අගමැතිකිවුවා. ආණ්ඩුව මුලපිරුවේ ආණ්ඩුවට ලැබුණු ජාතිකවාදි ජනවරම භුමිදානයට.
අපි හදන්න ඕන තවත් පක්ෂයක් ද නැත්නම් බලපෑම් කන්ඩායමක්ද? සම්බුද්ධ සාසනයේ චිරස්ථිතිය තහවුරු කිරිම තමා හැම ජාතික ව්‍යාපාරයකම අවසාන අරමුණ.
ඒක ඇතුලේ තමා සිංහල කම ගහට පොත්තවගේ තියෙන්නේ. දුටුගැමුණු රජතුමාගේ සිට ආපු හැම සටනකම පොදු සම්මුතිය බුද්ධ සාසනයේ චිරස්ථිතියමයි. 1818 දිත් 1848 දිත් එහෙමයි. හැබැයි එතකොට අපිට රජෙක් හිටියේ නෑ. ඒත් අරමුණ එකමයි. ඊට පස්සේ ධර්මපාලතුමාගේ ජාතික පුනර්ජීවන ව්‍යාපාරයත් එහෙමයි .
අරමුණ එකක් උනාට එතුමාට ලැබුණු සටන් භුමිය වෙනස්. කොල්බෲක් ආර්ථික හා දේශපාලන ප‍්‍රතිසංස්කරණ නිසා අපේ සමාජය වෙනස් වෙලා තිබුණේ. කළු කෝට් අඳින ධනපති පංතියක් තිබුණා. ධර්මපාලතුමාට සුද්දත් එක්ක වගේම උන්ගේ දේශිය ඒජන්ත කලූ සුද්දන් එක්කත් හැප්පෙන්න උනා. 1931 සර්වජන චන්ද බලය ලැබුණා.
පාලන ක‍්‍රමය ලොකු වෙනසක් උනා. 1940 ගණන් වෙනකොට පක්ෂ දේශපාලනය ආවා. පාර්ලිමේන්තුව ආවා. දැන් අපේ සටන කරන්න වෙලා තියෙන්නේ ගැමුණු රජතුමා හිටපු යුගයේවත් 1818වත් 1848 වත් ධර්මපාල තුමා හිටපු සටන් බිමේ වත් නෙමේ. සුද්දෝ හදපු කළු සුද්දෝ කරේ තියාගෙන යන දේශපාලන පක්ෂ සහ ආයතන එක්ක , අධ්‍යාපනයෙන් කුරුවල් කරපු සමාජයක. ඒ නිසා ඒ විපරිත සමාජයට ගැලපෙන පරිදි අපේ උපාය උපක‍්‍රම වෙනස් කරන්න ඕන.
ජාතික ව්‍යාපාරයට දේශපාලනය අකැපයි කියලා අපිව පැත්තකින් තියනවා. හොද්දට දාන කරපිංචා වගේ. අපිට කියලා ග‍්‍රීස් ගහ සුද්ද කරනවා. අපිත් බොහොම ජාත්‍යාලයෙන් ගහ සුද්ද කලාම උන් කොඩිය ගන්නවා.
අපි පොලූ ගහනවා. හැබැයි ගෙඩි වැටෙන්නේ උන්ගේ මල්ලට. අමතක කරන්න එපා, 17, 18,19 සහ 20 ට ඔක්කොටම අත ඔසවපු විසි ගාණක් මන්ත‍්‍රීවරු මේ පාර්ලිමේන්තුවේ ඉන්නවා.
අපි හදන්න ඕන ජාතික බලවේගයක්. ඒකට අවනත, ඒ ජාතික බලවේගයට යටත්ව ක‍්‍රියාත්මකවන දේශපාලන පක්ෂයක්. පක්ෂයට ඕන විදිහට නටන ජාතික බලවේගයක් නෙමේ. ගරුතර මහා සංඝරත්නය ඇතුලූ මෙරට ජාතික බලවේගයන්ගේ අණසකට කීකරු පක්ෂයක්. ඒක හුදෙක්ම උපකරණයක් පමණයි.
ධර්මපාලතුමා කිවුවේ අපි අවංකව මහන්සිවෙලා අවුරුදු පහක් වැඩ කලොත් අපේ අරමුණට යන්න පුළුවන් කියලා. 2025 ට 2030 ට යන්න නම් අද අපි පටන් ගන්න ඕන. චන්දයක් ආවම දැන් විකල්පයක් නෑ දෙකම අසූචී තමා ඒකෙන් හොඳ එක මොකක්ද කියලා තොරන්න බෑ. ජාතික ව්‍යාපාරයට ආයේ කඬේ යන්න අයිතියක් නෑ.
දැන් අපි සංවිධානය වෙන්න ඕන. එක පාරට මහ මැතිවරණයට, ජනාධිපතිවරණයට බෙල්ල තියන්න ඉස්සෙල්ලා බිම් මට්ටම හදා ගන්න ඕනේ. ගමට යන්න ඕන. ගමේ පැල හිටවන්න ඕනා. ඒවට වතුර දාලා පෝෂණය කරන්න ඕනා. ?කබලා ගන්න ඕනා. ජාතික ව්‍යාපාරය දේශපාලන පක්ෂවල වෘත්තිය සමිති මට්ටමට කරපු අය අපිට කියන්නේ එහෙම සංවිධානය වෙන්න අවශ්‍ය නෑ කියලා. අපි දැන් ඒ ගොනා විකුණලා ඉවරයි.
අන්තිම මහා මැතිවරණයේදි කොළඹයි කුරුණාගලයි ලැයිස්තුව ප‍්‍රතික්ෂේප වෙලා තිබියදි ඥාණසාර හාමුදුරුවෝ හැටපන්දාහක් චන්ද ගත්තා. අමිත් වීරසිංහ නුවරින් 25000/= ක් ගත්තා. සිංහල දිප ජාතික පෙරමුණ චන්ද 5000ක් ගත්තා.
රටේ ලොකු රැුල්ලක් පොහොට්ටුවට තියෙද්දි මේ චන්ද ටික ජාතිකාවාදින් අතට පත්වුනේ මිනිස්සු බොහොම සවිඤ්ඤාණිකව ගත්ත තීරණයක් උඩ. අසංවිධානාත්මක මැතිවරණයක් තිබියදි. ඒ නිසා ජාතික ව්‍යාපාරයට තියෙන ඇල්ම අඩුවෙලා නෑ. අපි පටන් ගන්නේ ලක්ෂයක් අතේ තියාගෙන. අපිට මහන්සි උනෝත් ලක්ෂ පහකට යන එක අමාරු නෑ අවුරුදු දෙක තුනකදි.
දැන් ආණ්ඩුව ඇතුලේ විවිධ ගැටුම් තියෙනවාලූ. අපි කියන්නේ ආණ්ඩුවෙන් ගිලිහෙන ජාතිකවාදි චන්ද පදනම රැකගන්න ව්‍යාජ රගපෑම් කරන්න එපා. එළියට එනවා නම් කෙලින් එන්න ඕනා. ආයේ හැරෙන්න බෑ. ආයේ මුක්කු ගහන්න බෑ. ආණ්ඩුවෙන් ඈත් වෙන මිනිස්සු වෙන මල්ලකට දාල ඊළග මැතිවරණයේදි ආයේ මල්වට්ටියේ තියලා පුජා කරන්න අපි සුදානම් නෑ.
අපිට ඊළග පාර්ලිමේන්තුවේදි මහන්සි වුණොත් ජවිපේ අභිබවා යන්න පුළුවන්.. අපේම මතවාදයේ ඉන්න මන්ත‍්‍රිවරු පස් දෙනෙකුට පුළුවන් රටම නිවරදි මාවතට ගන්න.
චන්දයි, ඔලූගෙඩියි, සංවිධානාත්මක මතවාදයයි කියන්නේ තුනක්.
හැබැයි දුටුගැමුණු රජතුමා අපිට දීපු තේමාවෙන් පිට අපිට යන්න බෑ. අපගේ මේ ව්‍යායාමය රජ සැප පිණිස නොව සම්බුද්ධ සාසනයේ චිරස්ථිතිය උදෙසා පමණයි. අපේ ජාතික ව්‍යාපාරය ස්වාර්ථය උදෙසා නොවේ.
———- නිවේදනයේ අන්තර්ගතය අවසන් ——