කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් රට වසා දැමීමේ සූදානමක් නැති බව කොවිඩ් ව්‍යාප්තිය වැළැක්වීමේ ජාතික මධ්‍යස්ථානයේ ප්‍රධානි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. රට වසා දැමීමේ සූදානමක් ඇති බවට පැතිර යන ප්‍රචාර සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත් ඒ මහතා කියා සිටියේය.
නව කොවිඩ් ප්රභේධය සම්බන්දයෙන් ගත යුතු පූර්ව ආරක්ෂණ පියවර ගෙන ඇති බව කියා සිටි යුද හමුදාපතිවරයා මේ වනවිට ව්‍යාප්තිය පාලනය කිරීමට ද පියවර ගෙන ඇති බවත් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා සිදු කරන බවත් කියා සිටියේය.
කොවිඩ් 19 වෛරසයේ නව ප්‍රභේදය රට තුළ විවිධ ප්‍රදේශවලින් වාර්තා වීම හා එහි ව්‍යාප්තිය සම්බන්ධයෙන් වාර්තා වීම පිළිබඳ රජය දැඩි අවධානයෙන් පසුවන අතර, ඉදිරියේදී මහජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් ගතයුතු සුදුසුම ක්‍රියාමාර්ගයන් සෞඛ්‍ය අංශයන්හි උපදෙස් පරිදි ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව ද යුද හමුදාපතිවරයා සඳහන් කළේය.