Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ජනපතිගේ රුව යොදාගනිමින් සයිබර් ප්‍රහාරයක් සිදුකිරීමේ තැතක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

සෞඛ්ය හා පවුල් සුභසාධන අමාත්‍යංශය විසින් ශ්‍රී ලාංකික ජනතාවට නොමිලේ දත්ත ලබාදෙන බවට පවසන පණිවිඩයක් ඊයේ (12) වට්සැප් ඇතුළු සමාජ මාධ්‍ය යෙදුම් හරහා සංසරණය වන බවට  ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට පැමිණිලි වාර්තා වී ඇත.



මෙම පණිවිඩය ක්ලික් කිරීමේදී covidfreeinternet.blogspot.com නම් වෙබ් අඩවියකට පිවිසීමක් සිදුවන අතර එහිදී ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රුව දැක්වෙන ඡායාරූපයක්ද දැකගැනීමට හැකිවිය.

මෙවැනි ව්‍යාජ පණිවිඩ හරහා අනිෂ්ට මෘදුකාංග ඔබගේ ජංගම දුරකතනයට ස්ථාපනය වීම, ඔබගේ සංවේදී දත්ත හා සමාජ මාධ්‍ය ගිණුම් පැහැරගැනීමට ලක්වීම සිදුවියහැකි බව  ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය  ජනතාවට පෙන්වා දෙමු.

රජීව් යසිරු කුරුවිටගේ මැතිව්

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය

Scroll to Top