Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

කොරෝනා රෝගීන් වාර්තා වීම ඉහළට – දිනක ආසාදිතයින් 1000 ආසන්නයට

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

සෞඛ්‍ය නීති නිසි ලෙස අනුගමනය කරමින් කොරෝනා මර්දනයට සහය දෙන ලෙස කොරෝනා මර්දන හා ප්‍රාථමික සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ජනතාවගෙන් ඉල්ලා සිටී.

ඇය සඳහන් කළේ, මුව ආවරණ පැළදීම, සංචරය සීමා කිරීම දැඩිව කළ යුතු බවයි.

දෛනිකව කොරෝනා රෝගීන් වාර්තා වීම මේ වනවිට ඉහළ ගොස් ඇතැයි ද විශේෂඥ වෛද්‍ය සුදර්ශන ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය.

මේ වනවිට කොළඹ, අවිස්සාවේල්ල, බියගම සහ වව්නියාව යන ප්‍රදේශවලින් ලබා ගත් අහඹු නියැදිවලින් බ්‍රිතාන්‍යයේ වේගයෙන් පැතිර යන කොවිඩ් 19 වෛරස ප්‍රභේදය හමුව ඇති බව ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ආයතනය පැවසුවේ ය.



ඊයේ දිනයේදීත් මෙරටින් කොවිඩ් -19 ආසාදිතයින් 940 දෙනෙකු වාර්තා වී තිබෙනවා.  ඊයේ දිනයේදී වැඩිම කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිතයින් 278 දෙනෙකු වාර්තා වී ඇත.

මෙරට සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 74,056ක් වන අතර සුවය ලබා ඇති සංඛ්‍යාව 66,984ක් වනවා.

මෙරට කොවිඩ් -19 ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 384ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ ඊයේ දිනයේදී වාර්තා වූ කොවිඩ් ආසාදිත මරණ 05ක් සමගයි.

Scroll to Top