“රටක් වශයෙන් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් කෙරෙහි උනන්දුව දැක්වීමටත්, විදුලි උත්පාදනයේ ගමන්මග ඒ කෙරෙහි යොමු කිරිමටත් දැන් කාලය එළමිලා තිබෙන්නේ.
විදුලි බල උත්පාදනය වෙනුවෙන් ඩීසල් සදහා අධික පිරිවැයක් දරමින්, රජය ජනතාවට සහන මිලක් යටතේ විදුලිය ලබාදෙන නිසා රජයට විදින්නට වෙන පාඩුව අවම කරගෙන, එමගින් ලැබෙන යම් සහනයක් වේනම් එය ජනතාවට ලබාදීම තමයි අපේ ඒකායන අධිෂ්ඨානය.
එහි ප්‍රධානම වැඩසටහනක් තමයි ලංකාවේ බලශක්ති උද්‍යාන 03 ක් ස්ථාපිත කිරීම.
එම වැඩසටහනේ පළමු අධියර යටතේ ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 100ක දායකත්වයක් සපයන සුළං බලාගාරක් මේ වනවිට මන්නාරම ස්ථාපිත කරලා තිබෙනවා.
තවත් මෙගාවොට් 300 ක බලාගාරයක් එම ස්ථානයේම ස්ථාපිත කිරීමටත් අපි මේ වනවිට සැලසුම් කර තිබෙනවා. ඒ වගේම දෙවන පියවර වශයෙන් සියඹලාණ්ඩුව ප්‍රදේශයේ මෙගාවොට් 100ක සූර්යබල උද්‍යානයක් ස්ථාපිත කිරීමත්.
තුන්වන පියවර වශයෙන් පුනරීන් ඉදිකිරීමට සැලසුම් කර ඇති මෙගාවොට් 240 සුළං බලයෙන් සහ 150 ක් සුර්ය බලයෙන් විදුලිය නිපදවිය හැකි ද්විත්ව බලාගාරයත් හදුන්වන්න පුළුවන්.
සියඹලාණ්ඩුව ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත අපේ දෙවන බලශක්ති උද්‍යානය ස්ථාපිත කිරීම සදහා අවශ්‍යවන දේශපානාධිකාරයේ නායකත්වයත්, රාජ්‍ය අංශයේ සහයෝගයත් සමගින් අපි විශ්වාස කරනවා අපට එළඹෙන මාර්තු මස වනවිට මෙහි වැඩකටයුතු නිල වශයෙන් ආරම්භ කිරීමට හැකි වෙයි කියලා.
ඒ වගේම 2022 දෙසැම්බර් වනවිට මෙම සූර්ය බල උද්‍යානය තුළින් ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 100 ක දායකත්වයක් සැපයීමට හැකි වේවි කියලා විශ්වාස කරනවා“ යැයි සූර්යබල, සුළං සහ ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන අමාත්‍ය දුමින්ද දිසානායක මහතා අවධාරණය කරයි.
අමාත්‍යවරයා මෙම අදහස් පළකරන ලද්දේ ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති මණ්ඩලයේ පැවති විශේෂ රැස්වීමකට සහභාගි වෙමිනි.
මොණරාගල දිස්ත්‍රික්කයේ සියඹලාණ්ඩුව ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත මෙගාවොට් 100 ක් ජාතික පද්ධතියට ලබාදිය හැකි දෙවන සූර්යබල උද්‍යානයේ ඉදිකිරීම් ආරම්භ කිරීම සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා කිරීම පිණිස මෙම රැස්වීම පවත්වන ලදී.
අක්කර 500 පමණ වූ භූමියක ඉදිවන මෙම සූර්යබල උද්‍යානය සදහා භූමිය වෙන්කිරීම් මේ වනවිට සිදුවෙමින් පවතී. මෙම ශූමියෙහි මෙතෙක් අනවසරයෙන් වගා කටයුතු සිදුකළ පවුල් 67 ක් පමණ වූ ගොවි ජනතාව වෙනුවෙන් අක්කර 5 බැගින් වූ ඉඩම් කොටසක් ලබාදීමටත්, එහි වගාකටයුතු සිදුකිරීමේ නීත්‍යානුකූල හිමිකම් ලබාදීමටත් සැලසුම් කර ඇත.
එසේම මෙම සූර්යබල උද්‍යානය ඉදිවන භූමියෙහි ඉවත් කරන ගස් වෙනුවෙන් නැවත ගස් 50,000 ක් රෝපණය කිරීමේ ව්‍යාපෘතියක් වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ දැව සංස්ථාව එක්ව ක්‍රියාත්මක කිරීමට ද නියමිතය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දුමින්ද දිසානායක මහතා,
“ අතිගරු ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රකාරව වසර 2030 වනවිට ජාතික විදුලිබල පද්ධතියට පුනර්ජනනීය බලශක්තියේ දායකත්වය 70% ක් බවට පත්කිරීමේ ඉලක්කය ජය ගැනීමට අපි බලාපොරොත්තු වෙනවා. දේශපානාධිකාරිය වශයෙන් අපේ වගකීම තමයි සෞභාග්‍යයේ දැක්ම යථාර්තයක් බවට පත්කිරීමට ඇපකැපවී කටයුතු කිරීම.
රටේ සංවර්ධනය හා ඉදිරි ගමන වෙනුවෙන් මෙම ඉලක්ක සපුරා ගන්න සහයෝගය දෙන්න කියලා මම රජයේ නිලධාරීන් ඇතුළු සියලු දෙනාගෙන්ම ඉල්ලීමක් කරනවා . “ යැයි පැවසීය.
මෙම රැස්වීමට සහභාගි වූ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂේන්ද්‍ර රාජපක්ෂ මහතා අදහස් දක්වමින්, ජාතික වශයෙන් වැදගත්වන එමෙන්ම රජයක් වශයෙන් මුහුණ දෙනු ලබන විශාල ගැටළුවක් වන විදුලිය පිළිබද ගැටලුව විසදීමට දායක වීමට ලැබීම පිළිබදව සතුටට පත්වන බවත්, මොණරාගල දිස්ත්‍රික්කයේ සියඹලාණ්ඩව ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත සූර්යබල උද්‍යානයේ වැඩකටයුතු සම්බන්ධයෙන් අමාත්‍යාංශයක් වශයෙන් විදුලිබල අමාත්‍යාංශය සහ සූර්යබල, සුළං සහ ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන අමාත්‍යාංශය දක්වන උනන්දුව පිළිබදව තමා සතුටට පත්වන බවත් පැවසීය.
ජාතික වශයෙන් වැදගත් වන විසදුමක් වන මෙම ව්‍යාපෘතියට, දේශපානාධිකාරිය මෙන්ම මොණරාගල දිස්ත්‍රික්කයේ රාජ්‍ය අංශයේ සියලුම ආයතනයන්හි උපරිම සහයෝගය ලැබෙන බවත්, කෘෂිකර්මය ජීවනෝපාය කරගත් පිරිසක් ජීවත්වන මෙම ප්‍රදේශයේ ඔවුන්ට කිසිදු ගැටලුවක් නොවන ආකාරයෙන් කටයතු කරන බවත්, තම භූමිවලින් ඉවත් වී අලුතින් ස්ථානගත වන ස්ථානයේ පෙර පරිදිම ඔවුන්ට වගාකටයුතු කිරීමට නීත්‍යානූකූල වශයෙන්ම ඉඩ ප්රස්ථා ලබාදීමට කටයුතු කරන බවත් පැවසීය.
<
p class=”yiv9368296546MsoNormal”>මෙම අවස්ථාවට මොණරාගල දිසාපතිතුමන්, මොණරාගල සහ සියඹලාණ්ඩුව ප්‍රාදේශීය ලේකම්වරුන්, විදුලිබල අමාත්‍යාංශ ලේකම් වසන්තා පෙරේරා මහත්මිය, සූර්යබල, සුළං සහ ජලවිදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන අමාත්‍යාංශ ලේකම් හේමන්ත සමරකෝන් මහතා ඇතුළු විදුලිබල අමාත්‍යාංශය, සූර්යබල, සුළං සහ ජලවිදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන අමාත්‍යාංශය, සුනිත්‍ය බලශක්ති මණ්ඩලය යන ආයතනයන්ගේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ මොණරාගල දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතන නිලධාරීන් විශාල පිරිසක් සහභාගි වූහ.