Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

අඛණ්ඩව දෙවැනි වරටත් සබරගමුවේ හොඳම ව්‍යවසායිකාව වින්ධ්‍යා පෙරේරා

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

මැණික් කපා ඔප දැමීමේ කලාවේ නව ඉසව් සොයා ගිය සීමාසහිත බ්‍රිලියන්ට් කට් පෞද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂිකා වින්ධ්‍යා පෙරේරා මෙනෙවිය සබරගමු පළාතේ වසරේ හොඳම ව්‍යවසායකයා – 2020 සම්මාන උළෙලේදී සාම්ප්‍රදායික නොවන අංශයේ හොඳම ව්‍යවසායිකාවට හිමි රන් සම්මානය අඛණ්ඩව දෙවැනි වතාවටත් දිනා ගත්තාය.

සබරගමුව වාණිජ හා කර්මාන්ත මණ්ඩලය සහ ජාතික ව්‍යාපාර සංවර්ධන අධිකාරිය සංවිධාන කළ සම්මාන උළෙල පසුගියදා උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණ.

ලාබාල වයසින්ම විශිෂ්ට කුසලතාවක් පෙන්වන වින්ධ්‍යා පෙරේරා තමාගේම මැණික් කැපීමේ සන්නාමයක් ලස්ටර් ඩිසයින්, නමින් අරඹා ඇත.



ඒ ඔස්සේ මෙරට තරුණ හා ආධුනික මැණික් කපන්නන්ට සිය කුසලතා ලොවට ප්‍රදර්ශනය කිරීමටත් ප්‍රවීණයන් ඇසුරේ නවතම මෝස්තර හා කැපුම් තාක්ෂණය හදෑරීමටත්, සිය දක්ෂතා හා කුසලතා ලොවට පෙන්වා ඇගයුමක් ලබා ගැනීිමටත් අවස්ථාව ලැබේ.

වින්ධ්‍යා පෙරේරාගේ සාර්ථකත්වයට ඇගේ මව වන බ්‍රිලියන්ට් කට් සමාගමේ අධ්‍යක්ෂිකා මාලනී පොල්ගම්පොළ මහත්මියගෙන් ලැබෙන සහයෝගය හා ආශීර්වාදය ප්‍රබල දායකත්වයක් සපයයි.

මැණික් කැපීමේ කලාවේ ප්‍රවීණ කණ්ඩායමක උපදේශකත්වය යටතේ අනගි මැණික් මෝස්තර එකතුවක් සකස් කර ගනුදෙනුකරුවන්ට ප්‍රදර්ශනය කිරීමටත්, එමගින් ලස්ටර් ඩිසයින් මැණික් ශිල්පීන්ගේ කලාත්මක හැකියාව පෙන්වීමටත් සමාගම පියවර ගෙන ඇත.

එය දෙස් විදෙස් ගනුදෙනුකරුවන්ගේ ආකර්ෂණයටත්, ප්‍රශංසාවටත් ලක්ව ඇති අතර ජාත්‍යන්තර වෙළෙඳපොළේ ශ්‍රී ලාංකීය මැණික් මෝස්තරවලට ප්‍රබල අනන්‍යතාවක් ඇති කරන්නට සමත්ව තිබේ.



වින්ධ්‍යා පෙරේරාගේ දැක්ම අනුව ලස්ටර් ඩිසයින් තෝරා ගත් මාවත දේශීය ස්වර්ණාභරණ කලාව නව මුහුණුවරකින් ජාත්‍යන්තරයට ගෙන යෑමට ඉවහල් වෙයි.

ඇය බ්‍රිලියන්ට් කට් සමාගම වෙනුවෙන් කරන කාර්යභාරයත්, කැපවීමත්, ඇයගේම සන්නාමය වන ලස්ටර් ඩිසයින් ඔස්සේ පෙන්වන නවමු කුසලතාවත්, දේශීය මැණික් කර්මාන්තය ජාත්‍යන්තරයේ ඉහළ ස්ථානයකට ඔසොවා තබන්නට දායක වනු ඇත.

නූතන යුගයේ සෑම කාන්තාවකටම ඉලක්ක හඹා යෑම පිණිස මහඟු ආදර්ශයක් වින්ධ්‍යා පෙරේරාගේ කැප වීමෙන් ගත හැකිය.

Scroll to Top