Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

AERO-INDIA අවබෝධතා ගිවිසුම් 121ක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

දෙමුහුන් ආකාරයකින් පැවති Aero India (අතත්‍ය) 2021 ප්‍රදර්ශනය අවබෝධතා ගිවිසුම් 121ක්, තාක්ෂණය හුවමාරු කරගැනීම් 19ක්, භාර දීම් 04ක් සහ නිෂ්පාදන එළි දැක්වීම් 18ක් සමඟින් කොවිඩ් 19 වසංගත තත්වය තුළ පවා අති සාර්ථකව පැවැත්විණ.

දෙමුහුන් ආකාරයෙන් පැවති ලොව පළමු මහා පරිමාණ ප්‍රදර්ශනය ඉතා සාර්ථක ප්‍රදර්ශනයක් බවට පත් කරමින් ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍ය පරිමාණ සමාගම් විසින් රුපියල් කෝටි 203ක් වටිනා ඇණවුම් 43ක් භාරගත් බව ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මැතිතුමා ප්‍රකාශ ක‍ළේය.

Aero India ප්‍රදර්ශනය සඳහා පුද්ගලයන් 16,000ක් කායිකවද ලක්ෂ 4.5ක පිරිසක් අතත්‍ය ලෙස ද සහභාගී විය. තවද මෙම ප්‍රදර්ශනය සඳහා රටවල් 55ක් නියෝජනය කරමින් ඉදිරිපත් වූ විදේශ සමාගම් 84ක් ද ඇතුළුව සමාගම් 540ක් සහභාගී විය.

ඉදිරි වසර 7-8 තුළ හමුදා නවීකරණය තුළින් ආරක්ෂාව ඉහළ නැංවීමට ඇමරිකානු ඩොලර් බිලියන 130ක් ආයෝජනය කිරීම සඳහා ඉන්දියාව සූදානමින් සිටින අතර Aero India ප්‍රදර්ශනය මෙම අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා මාහැඟි අවස්ථාවන් රැසක් ලබාදුන් වේදිකාවක් විය.

ඉන්දීය ජනාධිපති රාම් නාත් කෝවින්ද් මැතිතුමා Tejas ගුවන් යානා මිලදී ගැනීම සඳහා Hindustan Aeronautical Limited සමාගම ඉන්දීය නාවික හමුදාවෙන් රුපියල් කෝටි 48,000ක ගනුදෙනුවක් හිමි කරගැනීම පිළිබඳ සිය සතුට ප්‍රකාශ කළේය.



මේ තුළින් ආරක්ෂක ක්ෂේත්‍රය තුළ ඉන්දියාව සිය අවශ්‍යතා රට තුළින්ම සපුරා ගැනීමට ද ලෝකයට නිෂ්පාදකයකු වීමට ද සමත්ව තිබෙන බව පෙන්නුම් කෙරේ.

Aero India 2021 ප්‍රදර්ශනය ආරක්ෂක සහ ගුවන් අවකාශ ක්ෂේත්‍රයන්හි නිරන්තරයෙන් වර්ධනය වන ඉන්දියාවේ ශක්තිය ගෝලීය මට්ටමමෙන් විදහා පෙන්වන ජීවමාන සාක්ෂියක් බව ජනාධිපතිතුමා ප්‍රකාශ කළේය.

මෙම ප්‍රදර්ශනය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමාගේ “මේක් ඉන් ඉන්ඩියා” (Make in India) සහ “ආත්ම නිර්භාර් භාරත්” (Atma Nirbhar Bharat) යන දැක්මන් නව තලයකට ඔසවා තැබීමට නිසැකයෙන්ම සමත් විය.

මෙම ගුවන් ප්‍රදර්ශනයේදී Light Combat Aircraft (Tejas) වැනි යුධ ගුවන් යානා DO-228 වැනි සමුද්‍රීය මුරසංචාර ගුවන්යානා, උසස් සැහැල්ලු හෙලිකොප්ටර් (Dhruv), Light Combat Helicopter , Light Utility Helicopter සහ ‘සාරංග්’ සහ ‘සූර්ය කිරන්ස්’ විසින් ඉදිරිපත් කරන ලද ගුවන් සංදර්ශනයක් ඉන්දියාවේ බෙංග්ලාරුහි දී සහභාගී වූවන් අමන්දානන්දයට පත් කළේය.

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය Aero India අතත්‍ය ප්‍රදර්ශනය ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවන් හ දේශීය ව්‍යාපාරික ප්‍රජාව වෙනුවෙන් ‍ටාජ් සමුද්‍රා හෝටලයේදී සංවිධානය කර තිබිණ. තෙදිනක් පුරා පැවති මෙම ප්‍රදර්ශනයේදී ඉන්දීය ගුවන් හමුදාව, නාවික හමුදාව සහ වෙරළාරක්ෂක බලකාය විසින් සංවිධානය කරන ලද විවිධ සම්මන්ත්‍රණ සඳහා ශ්‍රී ලංකාවේ සම්භාවනීය අමුත්තන් ලෙස මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය රියර් අද්මිරාල් (විශ්‍රාමික) ආචාර්ය සරත් වීරසේකර, ආරක්ෂක ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න සහ විදේශ ලේකම් අද්මිරාල් (විශ්‍රාමික) මහාචාර්ය ජයනාත් කොළඹගේ යන මහත්වරුන් සහභාගී විය.



ඉන්දියානු සාගර‍ වටද්දර රටවල සංගමයේ (IOR) මූලෝපායික ප්‍රතිලාභ සඳහා ගුවන් බලය, SAGAR සඳහා සාමූහික සමුද්‍රීය හැකියාව ‍ගොඩනැගීම, IOR හි ආරක්ෂිත සහ පිරිසිදු මුහුදු කලාප සඳහා සහයෝගී ප්‍රවේශය යනාදී ඉතා කාලීන මාතෘකා සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු කරන ලදී.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී/හමුදාපති, ගුවන් හමුදාපති සහ වෙරළාරක්ෂක බලකායේ අධ්‍යක්ෂ ජෙනරාල් යනාදී ආරක්ෂක ‍ක්ෂේත්‍රයේ වෙනත් සම්භාවනීය අමුත්තන් ද මෙම අවස්ථාවන් සඳහා සහභාගී විය.

සම්භාවනීය අමුත්තන් සිය දේශන වලදී ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර තිබෙන ශක්තිමත් මිත්‍රත්වය, කොවිඩ්-19 වසංගතයට එරෙහිව සටන් වැදීම සඳහා ඉන්දියාව තවදුරටත් ලබා දෙන සහයෝගය, ආරක්ෂක බලකායන්ගේ ධාරිතාවය/හැකියාවන් ගොඩනැඟීම සහ IOR මුහුණ දෙන විවිධ ආපදාවන් සඳහා ක්‍රියාකාරීව ප්‍රතිචාර දැක්වීම, ශ්‍රී ලංකාවේ මූලෝපායික පිහිටීම සහ සන්නිවේදනයේ මුහුදු මාර්ග තවදුරටත් අවහිරයකින් තොරව පවත්වාගෙන යාම සඳහා ජාතීන්ගේ සාමූහික වගකීම, SAR සහ දේශසීමා හරහා සිදුවන අපරාධ වැළැක්වීම යනාදී කාරණා සම්බන්ධයෙන් අදහස් දැක්වීය.

MT නිව් ඩයමන්ඩ් නෞකාවේ හටගත් ගින්න නිවීම සඳහා සාර්ථකව ක්‍රියාත්මක කරන ලද ‘සාගර් ආරක්ෂා’ මෙහෙයුම අතරතුර සමීප සහයෝගීතාවය, දෝස්ති අභ්‍යාසය සහ SAGAR දැක්ම යනාදිය සම්භාවනීය අමුත්තන්ගේ නොමඳ පැසසුමට ලක් විය.



නේවාසික ආරක්ෂක උපදේශකයන් සහ ආරක්ෂක සහ දේශීය ව්‍යාපාරික ප්‍රජාව නියෝජනය කරමින් 120 දෙනෙකු පමණද මේ සඳහා සහභාගී විය. මෙයට අමතරව ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවන් නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සිව් දෙනෙකු ඉන්දියාවේ බෙංග්ලාරුහි පැවති මෙම ප්‍රදර්ශනයට සහභාගී විය.

හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් (විශ්‍රාමික) රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ද ඒ අතර විය. ශ්‍රී ලංකාවේ ක්‍රියාකාරී සහභාගීත්වය දෙරට අතර පවතින සමීප ආරක්ෂක සහයෝගය ද ඉන්දියාවේ නිෂ්පාදනය කරන ලද ආරක්ෂක නිෂ්පාදන සඳහා දක්වන දැඩි උනන්දුව ද පිළිඹිබු කළේය.

 

Scroll to Top