Aboutceylon Online

පාවෙන අයිස් කුට්ටි නිසා ජීවිත අනතුරේ

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ලොව විශාලතම අයිස් කුට්ටිය A68a ලෙස හැඳින්වෙන අතර එය දකුණු ජෝර්ජියාව ප්‍රදේශයට සංක්‍රමණය වෙමින් පවතී ඇන්ටාක්ටික් අයිස් යෝධයා දකුණු අත්ලාන්තික් දූපතට සමාන ප්‍රමාණයක් වන අතර, මෙමෙ අයිස් කොටස දැන් ගොඩබිමට පැමිණ වනජීවී විශාල ප්‍රමාණයකට හනියක් විය හැකිය.

එය සිදුවුවහොත්, එය දේශීය පෙන්ගුවින් සහ විශල සතුන් ප්‍රමාණයකට බරපතල තර්ජනයක් වේ. සතුන්ගේ සාමාන්‍ය ගමන් මාර්ග අවහිර කළ හැකි අතර එමඟින් ඔවුන්ගේ පැටවුන් නිසි ලෙස පෝෂණය කිරීම වළක්වා යනු ඇත.



මෙම අත්ලාන්තික් යෝධ අයිස් කන්ද දකුණු ජෝර්ජියා දූපත තරම් විශාල වූවකැයි ඇස්තමේන්තු කරනු ලැබ ඇත. දකුණු ජෝර්ජියා දූපත වනජීවීන්ගේ ක්ෂේමභූමියක් වන අතර A68a අයිස් කන්ද එම දූපත අබියස ස්ථානගත වනු ඇතැයි සැලකෙයි.

A68a හිම යෝධයා දූපත් වෙරළාසන්නයේ ස්ථානගතවීමත් සමඟ එම මුහුදු පත්ලේ ජීවමාන සියලු ජලජ සම්පත් ඊට යටවී සුණුවිසුනු වෙයි. හානිය යළි යථා තත්ත්වයට පත්වීමට ඉතා දීර්ඝ කාලයක් ගතවනු ඇත.

Scroll to Top