Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

කොවිඩ් එන්නත් කඩිනමින් ශ්‍රී ලංකාවට ලබා දීම පිළබඳව ස්තූතිය

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

පසුගිය දින නියෝජ්‍ය මහ කොමසාරිස් විනෝද් කේ. ජේකබ් මැතිතුමා ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක  රවුෆ් හකීම් මැතිතුමා හමු විය.

රවුෆ් හකීම් මැතිතුමා ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට කඩිනමින් කොවිඩ් එන්නත් ලබා දීම පිළබඳව සිය ස්තූතිය පළ කළේය. එසේම ආර්ථිකය, මූල්‍ය, සංවර්ධන සහයෝගීතාවය යනාදී ක්ෂේත්‍රයන්හි පවතින අවස්ථාවන්ට අදාළ කරුණු ද දෙපාර්ශවය විසින් සාකච්ඡා කරන ලදී.

රවුෆ් හකීම් මැතිතුමා මෑත කාලය තුළ මුස්ලිම් ජනතාව මුහුණ දෙන අභියෝග පිළිබඳව සිය අදහස් ප්‍රකාශ කළේය. එතුමා මෙම මස අග දී ආරම්භ වීමට නියමිත මානව හිමිකම් කොමිසමේ සැසිවාරයට අදාළ ගැටළු සම්බන්ධයෙන් ද මහ කොමසාරිස්තුමා දැනුවත් කළේය.

<p style=”float: left;”>
<ins class=”adsbygoogle”
style=”display: inline-block;width: 300px; height: 250px;”
data-ad-client=”ca-pub-6070269274916194″
data-ad-slot=”7224631868″ data-language=”en”>
<script async src=”https://pagead2.googlesyndication.com/pagead/js/adsbygoogle.js”>
(adsbygoogle = window.adsbygoogle || []).push({});
</script>
</ins></p>නියෝජ්‍ය මහ කොමසාරිස්තුමා 2019 නොවැම්බර් මාසයේ සිට ඉන්දියානු සහ ශ්‍රී ලංකා නායකත්වයන් අතර පැවති සංවාද පිළිබඳව සිහිපත් කළේය. 2020 සැප්තැම්බර් මාසයේදී අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා අතර අන්තර්ජාලය ඔස්සේ පැවති ද්විපාර්ශවික සමුළුව අතරතුර  දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ශ්‍රී ලංකාව සියලු ජනවර්ගයන්ගේ අපේක්ෂාවන් සාක්ෂාත් කරගැනීම උදෙසා කටයුතු කරනු ඇතැයි විශ්වාසය පළ කර තිබේ.

නියෝජ්‍ය මහ කොමසාරිස්තුමා මෙහිදී 13 වන ව්‍යවස්ථා සංශෝධනය සම්පූරණයෙන් ක්‍රියාත්මක කිරීම සහ පළාත් සභා හරහා අර්ථවත් බලය බෙදීමක් සඳහා ඉන්දියාවේ දිගු කාලීන සහ ප්‍රතිපත්තිමය ස්ථාවරය අවධාරණය කළේය.

Scroll to Top