‘‘ඔබේ දරුවන් ජීවත්වෙන්නෙ පිටරට. ඔබත් මේ රටේ දේශපාලනය අවසන් කරල ලොස්ඇන්ජලීස් නගරයට, නිව්යෝර්ක් නගරයට හෝ වෙනත් නගරයකට ගිහින් ඔබේ ජීවිතයේ අවසන් කාලය ගෙවයි. ඔබේ දරුවනුත් එහි සුව සම්පන්න ජීවිත ගත කරයි.
ඒ නිසා මේ රටේ දරුවන්ට ජීවත්වෙන්න මේ මහපොළොව ඉතුරු කරන්න. එසේ නොකළහොත් එහි සාපය ඔබට මේ අනාගත පරපුර විසින් නගනු ඇත. අද ඔබ විසින් ගන්නා අමනෝඥ, මුග්ධ තීරණ මත ඔබගේ අතවැසි බැලයන් විසින් මේ මහපොළවේ සිදුකරගෙන යන විනාශය අතිමහත් ය’’
අපේ රටේ සමස්ථ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් මේ මහා පරිසර සංහාරය වහා නතර කරන මෙන් අතිගරු ජනාධිපතිතුමාගෙන් සහ බැසිල් රාජපක්ෂ මහතාගෙන් හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ඉල්ලා සිටී.

වර්තමානයේ රටේ පවතින දැවැන්ත ස්වාභාවික සම්පත් හා පරිසර විනාශය පිළිබඳව අදහස් දක්වමින් චම්පික රණවක මහතා මෙම අදහස් පළකර සිටියේය. එහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ මන්ත්‍රීවරයා,
පසුගිය දින කිහිපය තුළ පරිසරවේදීන්, තණමල්විල ප්‍රදේශයේ ප්‍රදේශවාසීන්, ඒ වගේම උඩවලව අපගේ ජාතික වනෝද්‍යානයට සේවා සපයන විශාල පිරිසකගෙන් මට දුරකථන ඇමතුම් ලැබුණා.
ඒ බොහොමයකින් කියවුණේ දහයියාගල අභයභූමි ප්‍රදේශය මහා පරිමාණයෙන් එළි කරමින් ව්‍යාපාරිකයන් අතර බෙදාගැනීමේ ක්‍රියාවලියක් ආරම්භ වී ඇති බවයි.
විශේෂයෙන්ම වනජීවී අධ්‍යක්ෂකවරයාගේ විධිමත් අවසරයකින් තොරව හා විධිමත් පාරිසරික අධ්‍යයනයකින් තොරව මධ්‍යම පරිසර අධිකාරිය එවැනි දෑ කිරීම සම්පූර්ණ නීති විරෝධී ක්‍රියාවලියක්.
මෙහි පසුබිම් කතාව දශකයක් දශක දෙකක් එහාට ඇදීගෙන යන කතාවක්. මේ කලාපය එක්තරා දුරකට කඳුකරයත්, පහත්බිම් ප්‍රදේශයත් වලවේ ගංගා නිම්නයේ ඇතිවෙලා තිබෙන ප්‍රධාන ප්‍රධාන පාරිසරික කලාපයක්.
බලංගොඩ සිට තණමල්විල හරහා පහලට දිව යන මේ කලාපයේ විශේෂයෙන්ම වේලි ඔය නමින් කුඩා ජලාශයක් ඉදිකර වාරිමාර්ග පද්ධතියක් මඟින් ජලය ගෙනයාම ආරම්භ වෙනවත් එක්කම මේ කලාපයේ එතෙක් පැවතුණු අවිධිමත් මහා පරිමාණ ගොවිතැන ජනසංකීර්ණ බවට පත්කිරීමේ උත්සහයක් ඒ පළාතේ දේශපාලන අධිකාරිය කලක සිට දැරූ බව රහසක් නෙමෙයි. මේ ගැන මටත් පුද්ගලික අත්දැකීම් තියෙනවා.

විශේෂයෙන්ම අපි දැක්කා උඩවලව ජාතික වනෝද්‍යානය ගොඩනැගීම සඳහා තිබුණු ලෝක බැංකු ව්‍යාපෘතිය. සම්පූර්ණයෙන්ම 2002 – 2003 කාලේ ආරම්භ වෙලා අසාර්ථක වෙලා තිබුණු එකක්. මේක නැවත ප්‍රතිනිර්මාණය කරල උඩවලව ජාතික වනෝද්‍යානය විධිමත්ව සංවර්ධනය කරන්න එවකට මම පරිසර ඇමතිවරයා හැටියට පියවර ගත්තා.
උඩවලව ජාතික වනෝද්‍යානය ඊට ඉහැත්තෑවේ තිබෙන වේලි ඔය රක්ෂිතයක් එක්ක තියෙන බෝගහ පට්ටිය ප්‍රදේශය සමඟ සම්බන්ධ කළා. ඒ කලාපය එක්තරා දුරකට වන සංරක්ෂිත ප්‍රදේශයක්. ඒ වගේම උඩවලව ජාතික වනෝද්‍යානය අලිමංකඩකින් යා කළා. ඒ වගේම උඩවලව ජාතික වනෝද්‍යානය, ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානයත් එක්ක යා කළා.
ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානය, යාල ජාතික වනෝද්‍යානයට සම්බන්ධ වුණා. යාල වනෝද්‍යානය, කුමන වනෝද්‍යානයට සම්බන්ධ වෙලා යම්කිසි විධිමත් පාරිසරික පද්ධතියක් හැටියට ඒ කාලපය සංවර්ධනය කරන්න අපි 2007 සිට 2010 දක්වා පියවර ගත්තා. එයට විශාල විරෝධතාවයන් ඇති වුණා.
විශේෂයෙන්ම ඒ පළාතේ හිටපු දේශපාලඥයින් එක් අවස්ථාවක පක්ෂ විපක්ෂ භේදයකින් තොරව එකතු වෙලා මවිසින් ඉදිරිපත් කරන ලද වනජීවී පනතේ සංශෝධනය කල් දමන්න පාර්ලිමේන්තුවේදී උත්සහයක් දැරුව.
ඒ වගේ පක්ෂ විපක්ෂ දෙකේම හිටපු දේශපාලකයින්ගෙ වුවමනාව තිබුණෙ මේ කලාපය සම්පූර්ණයෙන්ම මහජනයාට බෙදා දෙන්න. ඒ කලාපයේ පාරම්පරිකව ජීවත් වුණු පවුල් කිහිපයක් හිටිය. පවුල් තුන් හාරසියයක් නෙමෙයි, මට මතක විදියට පවුල් 20 කට අඩු ප්‍රමාණයක් තමයි ඒ කලාපයේ ජීවත් වුණේ. අනුක්රමයෙන් මාර්ගය කාපට් කරල වේලි ඔය ඇති වුණාට පස්සෙ තමයි මේ සංවර්ධන වුවමනාව බහුල වුණේ.

දැන් මේ හදිසි සිදුවීමට, වැටහිරකන්ද, බෝගහපට්ටිය, වේලි ඔය ප්‍රදේශවල වන සංරක්ෂිත බිම්, ඒ වගේම අලිමංකඩවල් අල්ලා ගැනීමට ආසන්නම හේතුව වෙලා තියෙන්නේ ගරු ජනාධිපතිතුමා ඒ ප්‍රදේශයේ පවත්වපු ‘ගම සමඟ පිළිසඳර’ වැඩසටහනෙන් පස්සෙ ලබාදුන් වාචික නියෝග.
දැන් අපිට පේනවා ජනාධිපතිතුමා අනුරාධපුරයට ගියත්, තණමල්විලට ගියත් අම්පාරට ගියත්, සිදු කරන එක ප්‍රධාන දෙයක් තමයි පරිසර විනාශකාරීන්ට අවශ්‍ය ආකාරයට පරිසරය කොල්ලකෑමට නියෝග ලබාදීම. ඒක එතුමන්ගේ නොදැනුවත්භාවය මත සිදු වෙනවද , චේතාන්විතවම සිදුවෙනවද කියල මම දන්නෙ නෑ.
නමුත් එමගින් මේ රටේ නීති පද්ධතිය මගින්, මේ රටේ පරිසර ක්රියාකාරිකයන් මගින් දශක ගණනාවක් මුළුල්ලේ ඉතා අපහසුවෙන් ජනතාව වෙනුවෙන් අලි ඇතුන් ඇතුළු වනජීවීන් වෙනුවෙන් රැකගත් පරිසර පද්ධතිය ඉතාම භයානක ලෙස මේ වන විට විනාශ වෙමින් තිබෙනවා.
මේව සාමාන්‍යයෙන් දුප්පත් හේන් ගොවියන්ට නෙමෙයි යන්නෙ. ඩෝසර් දාල එළිකරන්න පුළුවන් ව්‍යාපාරික පන්තිය අතර තමයි මේවා ගමන් කරමින් තියෙන්නේ. එය අපට බොහොම පැහැදිළිව පේනවා.
පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් වුණේ හරිම පරිසර හිතකාමී පුද්ගලයෙක් හැටියට.
කොළඹ හිටපු කපටි දේශපාලන පිරිස් එතුමා හරිත දේශපාලනයක නිරතවන බව, ඒ වගේම කාබන් ෆ්‍රී ඉලෙක්ෂන් කැම්පේන් නමින් එතුමාට සම්මාන පවා ලබාදීමට ඉදිරිපත් වුණා. කුප්‍රකට, ඒ කියන්නේ මේ පරිසරවේදීන් අතර ඉන්නවා ආණ්ඩුවක් බලයට පත්වුණාට පස්සේ පරිසර ආයතනවලට පනින්න බලාගෙන ඉන්න පිරිසක්.
ඒවායේ අධ්‍යක්ෂක පදවි බලාගෙන ඉන්න පිරිසක්. ඒ පිරිසකුත් එකතු කරගෙන සම්මාන ලබාදුන්න. සමහරු මේක තමන්ගේ දේශපාලන වාසියට අරගෙන ලැබෙන හැම ඡන්දයකටම, මනාපයකටම ගහක් හිටවනව වගේ ව්‍යාජ මනංකල්පිත මිත්‍යාවන් වලින් මිනිසුන්ගේ හිත් පුරවල තමයි 69 ලක්ෂයේ ජනවරම, ඊට පස්සෙ ලැබුණු මහඡන්දයේ ජන වරම ආදිය ලබාගත්තෙ.

නමුත් ඇත්ත වශයෙන්ම දැන් සිදුවෙමින් තියෙන්නේ කුමක් ද? එදා ජනාධිපතිවරණයෙන් පස්සෙ සිදුවුණේ කුමක්ද ? පළමුවෙන්ම ආරම්භ වුණේ වැලි, කළුගල්, පස් කියන ඒවාට පතල් කැණීම් කාර්යාංශයේ තිබුණු බලපත්‍ර ක්‍රමයකින් තොරව ඒවා නිදහසේ ප්‍රවාහනය කරන්න දෙන ලෙස නියෝගයක් ලබාදුන්නා.
ඒකට චක්‍රලේඛ අවශ්‍ය නෑ, එය මගේ වාචික නියෝගයක් කියල ජනාධිපතිතුමා කිව්වා. ඒ අනුව පොලීසිය මේවා අත්අඩංගුවට ගැනීමෙන් වැළකී සිටියා. ඒ වගේම පතල් කැණීමේ කාර්යාංශය හිස් පඹයෙක් බවට පත්වුණා. ඒ පනත විහිළුවක් බවට පරිවර්තනය වුණා.
ඒ අනුව දැවැන්ත පස්, වැලි, කළුගල් මංකොල්ලයක් ආරම්භ වුණා. ඒ මංකොල්ලය පිටිපස්සෙ තිබුණෙ ඊට පස්සෙ එනවාය කියල බලාපොරොත්තු වෙච්ච ගමට වැඩ දහසක් කියන වැඩපිළිවෙල. හැම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකටම තට්ටු නිවාස 100 ක් හදන බවට පොරොන්දු වුණා.
මාර්ග කිලෝමීටර් ලක්ෂයක් ප්‍රතිසංස්කරණය කරන බවට පොරොන්දු වුණා. ගමේ වැඩ සමඟ කරලියට එනව කියල බැසිල් රාජපක්ෂ මහත්තය ප්‍රකාශයක් කලා.
මේවට අවශ්‍ය කරන වැලි, කළුගල් සැපයීම්කාර, ජාවාරම්කාර පන්තිය ඒ අනුව ඇල, දොළ, ගංගා, කැළෑවල් විනාශ කරමින් අනාගත කොන්ත්‍රාත් බලාපොරොත්තුවෙන් ගොඩගහන්න පටන් ගත්තා. ඒ තමයි සෞභාග්‍යයේ මඟ. ගස් කපලා, වැලි කපලා, ගල් කඩලා, පරිසර පද්ධති සහමුලින් විනාශ කරලා සෞභාග්‍යයේ මාවත උදාකරගන්න පුළුවන් මේ දැවැන්ත සංවර්ධන ක්‍රියාවලියක් එනවාය කියන පසුබිමක ඒ මත විශ්වාසය පළ කළා.
ඊළඟට වෙනත් සිදුවීමක් සිදුවුණා, ඒක තමයි ඉන් ඔබ්බට ගිහිල්ල 2001 වර්ෂයේදී චන්ද්‍රිකා ජනාධිපතිතුමිය විසින් මේ රටේ අවශේෂ කැලෑ නමින් හඳුන්වපු කැලෑ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පවරපු ගැසට් නිවේදනය අවලංගු කරල ජනාධිපතිගේ තවත් වාචික නියෝගයකින් ඒ කැලෑ අල්ලාගන්න පෙළඹෙව්ව.
ඒ අනුව අක්කර සිය දහස් ගණන්, සාමාන්‍ය හේන් ගොවියො නෙවෙයි, අපේ දුගී දුප්පත් ජනතාව නෙවෙයි, ව්‍යාපාරික පන්තිය ඒවා අල්ලගත්තා.
මම දැක්ක අනුරාධපුරයට ගිය වෙලාවෙ නුවර වැවේ ඉඳන් අද මහා පරිමාණ වැව් ගොඩදමමින් කබානා ඉදිකරන සංස්කෘතියක් ඇතිකරගෙන යනවා. වැවයි දාගැබැයි ගමයි පන්සලයි කිය කිය ජනතාව රවට්ටමින් ජනතාවගේ සිංහල බෞද්ධ හැඟීම් කොල්ලකමින්, පරිසර හිතකාමී හැඟීම් කොල්ලකමින් අද පරිසරයට ගහකොලට සතා සීපාවට කරන්න තියෙන දරුණුම ව්‍යසනය කරගෙන යනවා.
එදා උඩවලව, ලුණුගම්වෙහෙර ප්‍රදේශය ත්රස්තවාදීන්ට යටවූ අවස්ථාවේදී ඒ පිළිබඳව කැපවීමෙන් වැඩකරපු ආරක්ෂක අංශවලට, කැපවීමෙන් වැඩකරපු වනජීවී නිලධාරීන්ට, ඒ වගේම ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහින් මානව හිමිකම් කඩවෙනව කියල මේ සම්බන්ධයෙන් නඩු දාපු පරිසරවේදී ක්රියාකාරිකයන්ට, අලි ඇතුන් පෙන්වල සංචාරකයින්ගෙන් ආදායම් උපදවපු ජනතාවට, ඒ ප්‍රදේශයේ පරිසරයට ආදරය කරන සෑම කෙනාටම මේ මගින් අති භයානක චිත්‍රයක් අනාගතයේදී ඇතිකර තියෙනවා මේ රජය හා ජනාධිපතිතුමා.

මෙහිදී අප තේරුගත යුතු දෙයක් තිබේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මොනවා කිව්වත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියන කේක් ගෙඩිය හැදිල තියෙන්නෙ ඔය පිටින් දාපු හරිත අයිසිං, විද්වත් වියත් අයිසිං, සිංහල බෞද්ධ අයිසිං වලින් නෙමෙයි මේ කේක් ගෙඩිය හැදිල තියෙන්නෙ ඵල තුනක බරපතල දේශපාලන සංධානයක් මගින්.
එකක් තමයි රාජපක්ෂ පවුල නමින් පවතින මේ දැවැන්ත පවුල් පිළිලය. 2005 දි මේ පවුලේ හිටියෙ සාමාජිකයො හතර පස්දෙනයි අපි අඳුනන අය හිටියෙ.
මහින්ද රාජපක්ෂ මැතිතුමා, ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා, බැසිල් රාජපක්ෂ මැතිතුමා හා චමල් රාජපක්ෂ මැතිතුමා විතරයි. අද වන විට උදයංග වීරතුංග ඇතුළුව නෑයෝ, මාමලා, නෑනන්ඩිල, මාමන්ඩිල, දූ දරුවෝ, මුනුබුරු මිණිබිරියො හැටියට 250 කට අධික පිරිසක් අද මේ දැවැන්ත පවුල් පිලිලයට එකතුවෙලා තියෙනවා.
මේ පවුල් පිළිලයට ඊළඟට කවුද, රටේ කොන්ත්‍රාත් ටික කොල්ලකාගෙන හැදුණු වැඩුුණු ගජමිතුරු කල්ලියයි. ගජ මිතුරු පිළිලයයි. අපි දැක්ක ෆේස් මාස්ක් එක, සැනිටයිසර් එක, පීසීආර්, ඇන්ටිජන්, නිරෝධායනය මේ රටේ මංකොල්ලයක් වෙච්ච හැටි.
අසරණ මිනිහගෙ කහට කෝප්පයේ සීනි, කෝටි 1000 ක දැවැන්ත මංකොල්ලයක් කරපු හැටි. පොල්තෙල් ටික මංකොල්ලයක් වෙච්ච හැටි. මේ රටේ සිගරට් භාවිතා කිරීම සඳහා ලංකා බැංකුව කොල්ලකාපු හැටි. මේ විදියට ගජ මිතුරන් කිහිප දෙනෙක් කොල්ලකාගෙන යනවා. නාගරික සංවර්ධන අධිකාරිය නිවාස තැනීමේ ව්‍යාපෘතිය හිතුවතුන් අතරේ බෙදාදීපු හැටි අපි දැක්කා.
රත්නපුරට ඉංගිරිය දක්වා කහතුඩුවේ සිට යන අධිවේගී මාර්ගය වැඩි ගාණට හිතුවතුන් අතරේ බෙදාගත්ත හැටි. කුඩා කුඩා කොන්ත්‍රාත් සමාගම් 300 ක් විතර කිලෝමීටර් 6000 ක පමණ ඔය අලුතෙන් හදන පාරවල් ටික බෙදාදීපු හැටි.
මේ ගජ මිතුරු කල්ලියට පහලින් ඉන්නවා අත වැසි බත්බැල කට්ටියක්. 3000 – 4000 ක් ඉන්නව රටේ . එම කල්ලිය තමයි ගමේ පස්ටික කපන්නෙ, ගස් කපන්නේ, වැලිගොඩදාන්නේ, කළුගල් ටික කඩන්නේ, පරිසරය විනාශ කරන්නේ, මත්ද්‍රව්‍ය ව්‍යාපාරය සහ ගණිකා මඩම් පවත්වාගෙන යන්නෙ. මේ තමයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බලවේගය. මේක සඟ වෙද ගුරු ගොවි කම්කරු වගේ නෙමෙයි.
මේ තුන්ගොල්ගො එකතු වෙලා රජ පවුල හැටියට පෙනී සිටින මේ පවුල් පිළිලය, ඒවාට ගොඩනැගුණු ගජ මිතුරු පිළිලයන්, අතවැසි බත්බැලයින්ගේ කල්ලියයි එකතු වෙලා මේ රටේ දැවැන්ත ව්‍යසනයක් විනාශයක් ගෙනයනවා. මේ විනාශය, ව්‍යසනය වහන්න උඩින් අතුරල තියෙනව හරිත ප්‍රතිපත්ති කියල ජාතියක්, සිංහල බෞද්ධ ධජ දෙක විකුණගෙන කනවා. වෘත්තීයවේදී උගත් වියත් විනය ගරුක පාලනයක් කියල අතුරල තියෙනවා.
මේක තමයි අපි රැවටිලා තියෙන දේ. ඒ නිසා මේ අයිසිං එක ඇතුලෙ තියෙන මේ පිලිලය මේ පිළිකාව අපි වාහම මේ ශ්‍රී ලංකාද්වීපයෙන් ඉවත්කරගත යුතුයි.

මම ඉතාමත්ම ඕනෑකමින් මේ රටේ පරිසර ඇමතිවරයා හැටියට මේ බල ප්‍රදේශ ගැසට් කරන්න, මේ වනජීවී ප්‍රදේශ ආරක්ෂා කරගන්න කටයුතු කරපු කෙනෙක් හැටියට මා දන්නවා එයට කැපවීමෙන් වැඩකරන අනෙකුත් පරිසරවේදීන්ගේ දුක් වේදනාව.
අද වෙනකොට මුතුරාජවෙල විනාශයි. අපි හදපු විධිමත් කසල වැඩපිළිවෙල සම්පූර්ණයෙන්ම අත්හැරල දාල. ගිය අවුරුද්දෙ මාර්තු විවෘත කරන්න හිටපු අරුවක්කාලු කසල රඳවනය මේ වනතෙක් වැඩ ඉවර කරන්න බැරිවෙලා තියෙනවා. ලබන අවුරුද්දෙවත් වැඩ ඉවරවෙයිද කියල කියන්න බැහැ.
අද මුතුරාජවෙල කුණු දාල එක පැත්තකින් විනාශ කරල තියෙනවා. අනෙක් පැත්තෙන් ව්‍යාපාරික පන්තියට කොල්ල කන්න ඉඩදීල තියෙනවා. තෙත් බිම් සියල්ලම ගොඩකරමින් විනාශ කරමින් ඉන්නවා.
ඒ නිසා මම කරුණාවෙන් ඉල්ලා සිටිනවා ජනාධිපතුමාගෙන්, ඒ වගේම බැසිල් රාජපක්ෂ මහත්තයගෙන් විශේෂයෙන්ම ඔබේ දරුවො නම් ජීවත්වෙන්නෙ පිටරට.
ඔබත් මේ රටේ දේශපාලනය අවසන් කරල ලොස්ඇන්ජලීස් නගරයට හරි, නිව්යෝර්ක් නගරයට හරි වෙනත් නගරයකට හරි ගිහිල්ල ඔබේ ජීවිතයේ අවසන් කාලය ගෙවයි. ඔබේ දරුවන් එහි සුව සම්පන්න ජීවිත ගත කරයි. හැබැයි මේ රටේ දරුවන්ට ජීවත්වෙන්න මේ මහපොළොව ඉතුරු කරන්න.
එහෙම ඉතුරු නොකිරීමේ සාපය ඔබට මේ අනාගත පරපුර විසින් නගයි, අද ඔබ විසින් ගන්න මේ අමනෝඥ මුග්ධ තීරණ ඔබගේ අතවැසි බැලයන් විසින් මේ මහපොළවේ සිදුකරගෙන යන විනාශය දකින විට. ඒ නිසා අපේ දරුවන් වෙනුවෙන් එතුමන්ලට මම ආයාචනය කරනවා නතර කරන්න ඔය ක්‍රියාදාමය.
ඒ වගේම මම මේ රටේ අවංක පරිසරවේදීන්ගෙන් ඉල්ලා සිටිනවා නැගී සිටින්න පක්ෂ පාට භේදයකින් තොරව මේ මහා පරිසර කොල්ලයට එරෙහිව.
මේ රටේ සියලුම ආර්ථික සම්පත් මංකොල්ලකෑමෙන් පස්සෙත් අලුත් යුගයක් දැන් ආරම්භ කරල තියෙනවා පරිසර සම්පත් මංකොල්ල කන්න.

අප විසින් බොහොම කැපවීමෙන් ආරක්ෂා කරපු, මේ රටේ පරිසර ක්රියාකාරිකයන් විසින් ජීවිත පරිත්‍යාගයෙන් ආරම්භ කරපු, වනජීවී, වන සංරක්ෂණ, මධ්‍යම පරිසර අධිකාරිය නිලධාරීන් විසින් අසීමිත කැපවීමෙන් ආරක්ෂා කරපු මේ දැවැන්ත වටිනා පරිසර පද්ධතිය, අපට තියෙන මේ මහත් වූ දායාදය මේ තනි පවුලක පිළිලයකට, ගජමිතුරු කල්ලියක, බත් බැලයෝ රංචුවකට විනාශ කරන්න ඉඩ දෙන්න එපා කියල අපි කාරුණිකව ආයාචනා කර සිටින බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.