Aboutceylon Online

73 වන අභිමානවත් ජාතික නිදහස් දිනය අදයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

හැත්තෑ තුන් වැනි අභිමානවත් නිදහස් දිනය අද (04) යි. ඉසුරුමත් හෙට දිනක් – සෞභාග්‍යමත් මව්බිමක් තේමා කර ගනිමින් නිදහස් උත්සවය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (04) පෙරවරු 8ට නිදහස් චතුරස්‍රයේදී ආරම්භ විය.

නිදහස් දින සැමරුම ත්‍රිවිධ හමුදාව, පොලීසිය, විශේෂ කාර්ය බලකාය සහ සිවිල් ආරක්ෂක බලකාය එක්ව පවත්වන විචිත්‍රාංගයන්ගෙන් සමන්විතය.

යුද හමුදා සන්නාහ සන්නද්ධ රථ පෙළපාළිය හා ගුවන් හමුදාවේ සංදර්ශනය ද මෙවර උළෙලට අයත් වෙයි. ත්‍රිවිධ හමුදා සහ පොලිස් විශේෂ කාර්ය බළකා ආචාර පෙළපාළි පැවැත්වෙන අතර ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් හා සෙබළු තුන්දහස් එකසිය පනස් තුන් දෙනෙක් පෙළපාළි සඳහා සහභාගි වෙති.

එමෙන් ම නාවික හමුදාවේ අටසිය විසි එක් දෙනෙක් මෙන්ම ගුවන් හමුදාවේ හත්සිය හතළිස් දෙනෙක් ද ඒ සඳහා සහභාගි වෙති.

මීට අමතරව පොලිස් හා විශේෂ කාර්ය බළකා සාමාජිකයෝ හාරසිය පනස් තුන්දෙනෙක් ද ආචාර පෙළපාළිවලට එක් වෙති.

<p style=”float: left;”>
<ins class=”adsbygoogle”
style=”display: inline-block;width: 300px; height: 250px;”
data-ad-client=”ca-pub-6070269274916194″
data-ad-slot=”7224631868″ data-language=”en”>
<script async src=”https://pagead2.googlesyndication.com/pagead/js/adsbygoogle.js”>
(adsbygoogle = window.adsbygoogle || []).push({});
</script>
</ins></p>
ආචාර පෙළපාළිවලින් ඉක්බිති සංස්කෘතික පෙළපාළියක් ද පැවැත්වෙන අතර ඒ සඳහා නර්තන හා වාදන ශිල්පීහු තුන්සිය හතළිස් දෙනෙක් සහභාගි වනු ඇත.

ජාතික නිදහස් දිනයට සමගාමීව හමුදා නිලධාරීන් 337 දෙනෙකුට හා සෙසු නිලයන් 8,226 දෙනෙකුට උසස්වීම් ලබා දී තිබේ.

ඒ අනුව, බ්‍රිගේඩියර්වරුන් 14 දෙනෙකු මේජර් ජෙනරාල් නිලයටත්, කර්නල්වරුන් 23ක් බ්‍රිගේඩියර් නිලයටත් උසස් කෙරෙන බව හමුදා ප්‍රකාශකවරයා සඳහන් කළේය.

Scroll to Top