කොරෝනා ආසාදනය වී ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි වෛද්‍ය ගයාන් දන්තනාරායන මහතා මියගොස් ඇත.
කොරෝනා ආසාදනය වීමෙන් වෛද්‍යවරයකු මියගිය පළමු අවස්ථාව මෙය වේ. මියයන විට 32 වැනි වියේ පසු වූ ගයාන් දන්තනාරායන මහතා රාගම රෝහලේ සේවය කරමින් සිට ඇත.
කොරෝනා ආසාදනය වූ ඒ මහතා රාගම රෝහලේ සිට කොළඹ අයි.ඞී.එච්. රෝහලට ප්‍රතිකාර ස`දහා යොමුකොට තිබුණි. මෙම වෛද්‍යවරයා දියවැඩියා රෝගයෙන් ද පීඩා වි`දිමින් සිට ඇත.
ඔහුට කොරෝනා ආසාදනයත් සමග ඇති වූ නිව්මෝනියා තත්ත්වය හේතුවෙන් ආශ්වාස ප්‍රශ්වාස කිරීමට අපහසු වී තිබුණු බව කරාපිටිය ශික්ෂණ රෝහලේ වැඩබලන අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය කේ.එච්.ජී. ජීවරත්න මහතා පවසයි.
<p style=”float: left;”>
<ins class=”adsbygoogle”
style=”display: inline-block;width: 300px; height: 250px;”
data-ad-client=”ca-pub-6070269274916194″
data-ad-slot=”7224631868″ data-language=”en”>
<script async src=”https://pagead2.googlesyndication.com/pagead/js/adsbygoogle.js”>
(adsbygoogle = window.adsbygoogle || []).push({});
</script>
</ins></p>එම අවස්ථාවේ රෝහල්වල දැඩි සත්කාර ඒකකවල ඇඳන් පිරී තිබූ අතර කරාපිටිය රෝහලේ ඇ`දක් තිබුණුු නිසා වෛද්‍යවරයා කරාපිටිය රෝහල වෙත මාරුකොට තිබුණි.
මෙම මරණය පිළිබඳව කරාපිටිය ශික්ෂණ රෝහලේ වැඩබලන අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය කේ.එච්.ජී. ජීවරත්න මහතා අදහස් දක්වමින් මෙසේ කීවේය.
‘‘දැඩි සත්කාරක ඒකකවල ඇඳන් පිරී තිබුණු නිසා තමයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයාගේ ඉල්ලීමට අනුව මේ වෛද්‍යවරයා කරාපිටිය රෝහලට මාරු කළේ.
ඔහු අපි සතියක් යනතෙක් හොදින් රැකබලා ගත්තා. මොළයේ ලේ වහනය වීමෙන් සිදු වූ විවිධ සංකූලතා හේතුවෙන් තමයි මරණය වෙලා තියෙන්නේ. මෙම වෛද්‍යවරයා 32 හැවිරිදි වියේ පසුවන තරුණ වෛද්‍යවරයෙක්.
කොරෝනා ආසාදනය වීමෙන් ශී‍්‍ර ලංකාවේ පළමු වරට තමයි වෛද්‍යවරයකු මියගියේ.’’
නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසලෙන් අධ්‍යාපනය ලබා ඇති මෙම වෛද්‍යවරයා චීනයේ ටියැන්ජින් වෛද්‍ය විද්‍යාලයෙන් වෛද්‍ය උපාධිය ලබා ඇත. වෛද්‍යවරයා මියයන තෙක්ම රාගම ශික්ෂණ රෝහලේ සේවය කර තිබේ.
<p style=”float: left;”>
<ins class=”adsbygoogle”
style=”display: inline-block;width: 300px; height: 250px;”
data-ad-client=”ca-pub-6070269274916194″
data-ad-slot=”7224631868″ data-language=”en”>
<script async src=”https://pagead2.googlesyndication.com/pagead/js/adsbygoogle.js”>
(adsbygoogle = window.adsbygoogle || []).push({});
</script>
</ins></p>ඔහු ගම්පහ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මෙම වෛද්‍යවරයාගේ පියා ද වෛද්‍යවරයෙකි. මියගිය වෛද්‍යවරයාගේ පවුලේ කිහිප දෙනකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව පැවසේ. මියගිය වෛද්‍යවරයාගේ පශ්චාත් මරණ පරීක්ෂණ අද (03දා) පැවැත්වීමට නියමිතව ඇති බැව් කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා පවසයි.
මියගිය වෛද්‍යවරයාගේ අවසන් කටයුතු ඊයේ (02දා)පස්වරු 4.00ට දඩල්ල ආදාහනාගාරයේදී නිරෝධායන නීති අනුව සිදු කෙරිණි.
කරාපිටිය ශික්ෂණ රෝහලේ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සහභාගීත්වයෙන් ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාගේ හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණය යටතේ අවසන් කටයුතු සිදු කළ බව ද රෝහල් අධ්යක්ෂවරයා පැවසීය.