අනුරාධපුර සිට කොළඹ බලා මීට දින 2කට පමණ පෙර ධාවනය වී තිබූ බස් රථයක ගමන් කළ කාන්තාවන් දෙදෙනෙකු මත්කර ඔවුන් සතුව තිබූ මුදල් සහ ස්වර්ණාභරණ කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධව පොලිස් විමර්ශන ආරම්භකර තිබේ.
බස් රථයේදී එම කාන්තාවන් සමග මිතුරු වී ඇති තරුණයෙකු ඔවුන්ට කෑමට කෙටි ආහාර වර්ගයක් ලබාදීමෙන් පසු කාන්තාවන් අධික නින්දට වැටී ඇති අතර එහිදී සැකකාර තරුණයා ඔවුන් සතුව තිබූ මුදල් සහ ස්වර්ණාභරණ සොරකම්කර තිබේ.
එහි වටිනාකම රුපියල් ලක්ෂ 2කට ආසන්න බව පොලීසිය පවසයි.
එම කාන්තාවන් දෙදෙනා සිහිසුන් වී ඇති බවට අනාවරණයවීමෙන් පසු ඔවුන් රෝහල්ගත කිරීමට පියවරගෙන තිබුණි.
<p style=”float: left;”>
<ins class=”adsbygoogle”
style=”display: inline-block;width: 300px; height: 250px;”
data-ad-client=”ca-pub-6070269274916194″
data-ad-slot=”7224631868″ data-language=”en”>
<script async src=”https://pagead2.googlesyndication.com/pagead/js/adsbygoogle.js”>
(adsbygoogle = window.adsbygoogle || []).push({});
</script>
</ins></p>පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ කාන්තාවන් දෙදෙනා දැඩි ලෙස මත්වීම හේතුවෙන් දින දෙකක් ප්‍රකාශ ලබා ගැනීමට නොහැකි තත්ත්වයක් ද හටගෙන තිබූ බවය.
සිද්ධිය සම්බන්ධයෙන් සාලියවැව පොලීසිය පරීක්ෂණ සිදුකරන අතර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ මෙවැනි අපරාධ සිදුවීමේ ප්‍රවණතාවයක් ඇති බැවින් බස් රථවල ගමන් කිරීමේදී වඩාත් විමසිලිමත්වන ලෙසය.