ශ්‍රී ලංකා ක්‍රිකට් ක්ෂේත්රයේ පවතින අර්බුද සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ, ජාතික ක්‍රිඩා සභාවේ සභාපති මහේල ජයවර්ධන සහ ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා.
මෙහිදී තීන්දු 5 ක් ගනු ලැබූ අතර නව ක්‍රිකට් තේරීම් කමිටුවක් පත් කිරීමද එහිදී ගනු ලැබූ එක් සුවිශේෂී තීරණයක්.
තරඟකාරී අභ්‍යන්තර හා පළාත් තරගාවලියක් සංවිධාන කිරීම මෙන්ම විනය සහ ශාරීරික යෝග්‍යතාවට ප්රමුඛත්වයක් ලබාදීමටද මෙම සාකච්ඡාවේදී තීරණය කෙරුණි.
ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ධුරයට පත් අසන්ත ද මෙල් ප්රමුඛ ක්‍රිකට් තේරීම් කමිටුව ගත් ඇතැම් තීරණ සම්බන්ධයෙන් දැඩි දෝෂදර්ශනයට ලක් විිිය.
<p style=”float: left;”>
<ins class=”adsbygoogle”
style=”display: inline-block;width: 300px; height: 250px;”
data-ad-client=”ca-pub-6070269274916194″
data-ad-slot=”7224631868″ data-language=”en”>
<script async src=”https://pagead2.googlesyndication.com/pagead/js/adsbygoogle.js”>
(adsbygoogle = window.adsbygoogle || []).push({});
</script>
</ins></p>
එමෙන්ම ක්‍රීඩකයින්ට දක්ෂතා පදනම් කර ගත් කොන්ත්‍රාත් ලබාදීමටද මෙහිදී තීරණය වූ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුට සහායවීම සදහා අධ්‍යක්ෂවරයෙකු සහ උපදේශකවරයෙකු පත් කිරීමටද මෙම සාකච්ඡාවේදී තීරණයකට එළඹුණා.
මේ, ක්‍රීඩා අමාත්‍යාංශයේ පැවති උත්සවයකින් අනතුරුව අදහස් දැක්වූ ක්‍රිඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ.
2015 ආණ්ඩු පෙරලියත් සමග ක්‍රීඩාව දේශාපාලනීියකරනය කිරීම හේතුවෙන් ක්‍රිකට් ක්‍රිඩාව කඩා වැටීමට ලක් වූ බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ පවසයි.