දුරුතු මහේ උදාවන දුරුතු පුර පසළොස්වක පොහොය දිනයට ශාසන ඉතිහාසය තුළ ඉතා වැදගත් තැනක් හිමි වෙයි.
බුදුරජාණන් වහන්සේ විසින් උරුවෙල් දනව්වේ සිටි දහසක් වූ තුන්බෑ ජටිල පිරිස දමනය කරනු ලැබීමෙන් පසුව ප්‍රථම වරට ලංකාවට වැඩමවීම හා එහිදී යක්ෂ ගෝත්‍රිකයින් දමනය කිරීම කේශ ධාතු නිධන්කොට මහියංගණ දාගැබ තැනවීම ආරම්භ කිරීම, බිම්බිසාර මහ රජු ගේ ආරාධනය පරිදි බුදුරජාණන් වහන්සේ දහසක් රහතන් වහන්සේලා ද සමඟ රජගහ නුවරට වැඩමවීම, මිය ගිය ඤාති පේ‍්‍රතයන්ට පින් අනුමෝදනා කිරීමේ චාරිත්‍රය අනුමත කිරීම, සිරිසඟබෝ කුමරු මහියංගණ චෛත්‍යය අසල දී රජ බවට පත් කරවීම යනාදිය දුරුතු පොහොය දිනය හා සබැඳි ඓතිහාසික සිදුවීම් අතර ප්රමුඛස්ථානයෙහිලා සැලකිය හැකි ය.
<p style=”float: left;”>
<ins class=”adsbygoogle”
style=”display: inline-block;width: 300px; height: 250px;”
data-ad-client=”ca-pub-6070269274916194″
data-ad-slot=”7224631868″ data-language=”en”>
<script async src=”https://pagead2.googlesyndication.com/pagead/js/adsbygoogle.js”>
(adsbygoogle = window.adsbygoogle || []).push({});
</script>
</ins></p>මහියංගණ චෛත්‍යය අසල දී සිරිසඟබෝ කුමරු රාජ්‍ය අභිෂේකය ලැබුවේ ද දුරුතු පුර පසළොස්වක පොහොය දිනෙක දී ය. සිරිසඟබෝ රජු ක්‍රි.ව. 247 සිට 249 දක්වා ඉතා කෙටි කාලයක් තුළ දැහැමෙන් සෙමෙන් රට පාලනය කළේ ය. ඉතිහාසගත තොරතුරුවලට අනුව මෙම රජු අත්තනගල්ලේ දී තම හිස දන් දුන් බව කියැවෙයි. බුදු බව පැතූ බෝසත්වරයකු වශයෙන් සිරිසඟබෝ රජු ඉතිහාසගත වී ඇත.