ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවති දෙවැනි සහ අවසන් ටෙස්ට් තරඟය කඩුලු 6කින් ජය ලැබීමට සංචාරක එංගලන්ත කණ්ඩායම සමත්විය.
තරඟයේ සිව් වැනි දිනය වූ ඊයේ (25) ජයග්‍රහණයට අවශ්‍ය ලකුණු 164, කඩුලු 4ක් පමණක් දැවී රැස් කිරීමට එංගලන්ත ක්‍රීඩකයෝ සමත්වූහ.
<p style=”float: left;”>
<ins class=”adsbygoogle”
style=”display: inline-block;width: 300px; height: 250px;”
data-ad-client=”ca-pub-6070269274916194″
data-ad-slot=”7224631868″ data-language=”en”>
<script async src=”https://pagead2.googlesyndication.com/pagead/js/adsbygoogle.js”>
(adsbygoogle = window.adsbygoogle || []).push({});
</script>
</ins></p>ඒ අනුව දෙරට අතර පැවති ටෙස්ට් තරඟාවලිය 2-0ක් ලෙස ජයගැනීමට සංචාරක කණ්ඩායම සමත් විය.
දක්ෂ පන්දු යැවීමක නිරත වූ ලසිත් ඇඹුල්දෙනිය ලකුණු 132 කට කඩුලු 7ක් දවා ගත් අතර, මෙය ඔහු ටෙස්ට් ඉනිමක කඩුලු 5 සීමාව පසු කළ තුන්වැනි අවස්ථාවයි.
2014 වසරෙන් අනතුරුව මේ දක්වා එංගලන්තයට එරෙහි ටෙස්ට් ක්‍රිකට් තරගාවලියක් ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව නැහැ.
මේ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම පිටපිට ටෙස්ට් තරඟ 4ක් පරාජය වී තිබේ. පසුගිය දා දකුණු අප්‍රිකාව සමග එරටදී පැවති ටෙස්ට් තරඟාවලිය ද 2-0ක් ලෙස ශ්‍රී ලංකාව පරාජය විනි.