ගම්මානයේ ඉගෙනුම ලබන සිසු දරු දැරියන්ට ද පාසල වෙත යෑමට සිදුව ඇත්තේ මේ මඩ වගුරු සහිත මාර්ගයෙන් වීම හේතුවෙන් සිසුන්ට දුෂ්කරතා රැසකට මුහුණ පෑමට සිදුව ඇත. නඟුල්එළිය ධීවර ගම්මානය පරම්පරා තුනක් වාසය කළ පැරණි ගම්මානයකි.
උග්‍ර ලෙස මුහුදු ඛාදනයට ලක් වීමෙන් පසු වසර 80කට වඩා පැරණි නඟුල්එළිය ගම්මානය එම ස්ථානයෙන් ඉවත් කර ස්ථිර නිවාස 26කින් යුත් නව ගම්මානයක් ඉදි කිරීමට ආරච්චිකට්ටුව හිටපු ප්‍රාදේශීය ලේකම් ඩබ්. ආර්. ඒ. එන්. එස්. විජයසිංහ මහතා මැදිහත්වීමෙන් කටයුතු කළේය.
නඟුල්එළිය ජනතාව පැරණි පදිංචිව සිටි ස්ථානයේ සිට පැවති මාර්ගය ද මේ වන විට මුහුදු ඛාදනයට ලක්ව ඇති පසුබිමක මේ වන විට අලුත් ගම්මානයේ සිට තම දරුවන් මඩ වගුරු මැදින් පාසලට රැගෙන යෑම මහත් ගැටලුවක් බවට මවුපියෝ පවසති. පවතින තත්ත්වය සම්බන්ධව සොයා බලා ඊට නිසි විසඳුමක් දෙන ලෙස ජනතාව වගකිවයුතු නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.
මේ පිළිබඳව නඟුල්එළිය ගම්මානයේ වැසියෝ මෙලෙස අදහස් දැක්වූහ.
රේණුකා නිරෝෂණී,
<ins class=”adsbygoogle”
style=”display: inline-block;width: 300px; height: 250px;”
data-ad-client=”ca-pub-6070269274916194″
data-ad-slot=”7224631868″ data-language=”en”>
<script async src=”https://pagead2.googlesyndication.com/pagead/js/adsbygoogle.js”>
(adsbygoogle = window.adsbygoogle || []).push({});
</script>
</ins></p>මේ ගෙවල් හදා ගන්න ලැබුණේ ලක්ෂ පහයි. ඒ නිසා අපේ දායකත්වයත් දාලා තමයි ගෙවල් හදා ගත්තේ. නමුත් අද වන විට මේ ස්ථානය දරුවන්ගේ අධ්‍යාපනයට බාධාවක් වෙලා.”
මුතුපන්තිය විද්‍යාලයේ අධ්‍යාපනය හදාරන සයුරි දුලක්ෂිකා සිසුවිය,
“අපි මේ මඩ පාරවල්වලින් යන්නේ පුදුම අමාරුවෙන්. සමහර දවස්වලට සුදු ගවුම්වල මඩ තැවරිලා. යාළුවෝ අහනවා මඩ නාලා එනවාද කියලා.
අනේ අපි ඉල්ලන්නේ පාසලට එන්න පාරක් හදලා දෙන්න කියලා නිදහසේ. නැත්තම් මේ මඩ ගොඩවලින් පාසලට එන්න බැරි නිසා හුඟක් දවස්වලට අපි පාසලට එන්නේ නෑ. ඒ තරමටම දුකයි.”