බරපතල සමාජ ව්‍යසනයක් වූ කොවිඩ්-19 මර්ධනයේදී ප්‍රතිජීවක ගැන අවබෝධයෙන් කටයුතු කළ යුතුය.ප්‍රතිජීවක ඖෂධ ගැන නිතැතින්ම අප මතකය අවදි කරන්නේ ආසාදන අවස්ථාවන් සඳහා වූ ප්‍රතිකාර ලෙසිනි. ප්‍රතිජිවක යනු චිකිත්සාවන්ය.
සරල ආසාදන අවස්ථාවන් වූ ඇඟිල්ලක සිදු වූ කැපුමක් හෝ තුවාලයක සිට වඩා සංකීර්ණ රෝහල්ගත වීමට සිදුවන අවස්ථාවලදී ප්‍රතිජීවක අවශ්‍යය වේ.
නූතන වෛද්‍ය විද්‍යාවේ විකාශනය මගින් බිහි වී ඇති ජීවිත බේරා ගනු ලැබිය හැකි වී ඇති සංකිර්ණ ශල්‍යකර්ම පිළිබඳ නව සොයාගැනීම්වලට පදනම් වී ඇත්තේ ප්‍රතිජීවකයි.
ප්‍රතිජීවක ප්‍රතිරෝධය ගැන සැලකිලිමත් විය යුත්තේ ඇයි
<p style=”float: left;”>
<ins class=”adsbygoogle”
style=”display: inline-block;width: 300px; height: 250px;”
data-ad-client=”ca-pub-6070269274916194″
data-ad-slot=”7224631868″ data-language=”en”>
<script async src=”https://pagead2.googlesyndication.com/pagead/js/adsbygoogle.js”>
(adsbygoogle = window.adsbygoogle || []).push({});
</script>
</ins></p>
ප්‍රතිජීවක ප්‍රතිරෝධය යනු බැක්ටීරියාවන් එකිනෙකාට දක්වන විශේෂ ලක්ෂණ මිස බැක්ටීරියා විසින් මිනිසුන්ට දක්වන ලක්ෂණ නොවේ.
බොහෝ දෙනා මේ ගැන ව්‍යකූල වූවත් බැක්ටීරියාව ජීව කාරකයක් වන අතර එහි ඉලක්කය නොනැසී සිටීමයි. මේ නිසා ප්‍රතිජීවක වල බලපෑමට ගොදුරු නොවීම සඳහා බැක්ටිරියාව තම ප්‍රවේණික භෞතිකය වෙනස් කිරීම සඳහා හැකි සෑම උත්සාහයක්ම දරයි.
සරලව පැවසුවහොත් ප්‍රතිරෝධය යනු ප්‍රතිජීවක වෙතින් නොනැසී තම ජීවය පවත්වා ගැනීම සඳහා බැක්ටීරියාව දරන උත්සාහයයි.
ආසාදන සඳහා වැඩිදුරටත් ප්‍රතිකාර කරනු නොලැබීමට හේතුවන සේ ප්‍රතිජීවක අවසන් වුවහොත් අද වන විට සෞඛ්‍ය සේවාවේ ලබා ගනිමින් සිටින වැදගත් ප්‍රගතිය අපට අහිමිවනු ඇත.
ප්‍රතිජීවක සහ කොවිඩ්-19 වෛරස යන දෙකම ගැන සැලකිලිවත් විය යුත්තේ ඇයි
<p style=”float: left;”>
<ins class=”adsbygoogle”
style=”display: inline-block;width: 300px; height: 250px;”
data-ad-client=”ca-pub-6070269274916194″
data-ad-slot=”7224631868″ data-language=”en”>
<script async src=”https://pagead2.googlesyndication.com/pagead/js/adsbygoogle.js”>
(adsbygoogle = window.adsbygoogle || []).push({});
</script>
</ins></p>
නැවතත් වරදවා වටහාගැනිම් බොහොමයක් ඇතිවීම හෝ ප්‍රතිජීවක සුදුසු පරිදි භාවිතා නොවීමේ තත්වයක් ඇතිවේ. ප්‍රතිකාර සඳහා අනවශ්‍ය පරිදි ප්‍රතිජීවක භාවිතා කිරිමේදී බැක්ටීරියා වැඩි වශයෙන් ප්‍රතිජීවක කෙරෙහි නිරාවරණය වන අතර ඒවා මගින් ප්‍රතිරෝධය වර්ධනය කරයි.
කොවිඩ්-19 වෛරස රෝග තත්වය තුළ විශාල වශයෙන් රෝගින් ශ්වසන ආබාධවලට බඳුන් වන අතර තමුන්ට ප්‍රතිජීවක ඖෂධ අවශ්‍ය බව රෝගීන්ට තදබල ලෙස හැයෙි. එහෙත් සත්‍ය නම් කොවිඩ්-19 බැක්ටීරියාවක් නොව වෛරසයක් බව ඔවුන් වටහා නොගැනීමයි.
එමනිසා ප්‍රතිජීවක ගැනිම කිසිදු ප්‍රතිකාරයක් නොවේ. ඉන් සිදුවන්නේ අප සිරුරේ දැනටමත් පවතින බැක්ටිරියා අතර ප්‍රතිරෝධයක් හටගැනිම පමණකි.
එබැවින් එය සංකීර්ණ අවස්ථාවකි. එමනිසා අවසාන වශයෙන් කිව යුත්තේ පැහැදිලි වෛද්‍ය නිර්දේශයක් නොමැතිව කිසි විටෙකත් රෝගීන් විසින් ප්‍රතිජීවක ලබා නොගත යුතු බවයි.
කොවිඩ්-19 රෝගීන් විසින් ප්‍රතිජීවක ගැන දැනගත යුතු දේ
<p style=”float: left;”>
<ins class=”adsbygoogle”
style=”display: inline-block;width: 300px; height: 250px;”
data-ad-client=”ca-pub-6070269274916194″
data-ad-slot=”7224631868″ data-language=”en”>
<script async src=”https://pagead2.googlesyndication.com/pagead/js/adsbygoogle.js”>
(adsbygoogle = window.adsbygoogle || []).push({});
</script>
</ins></p>
සුළු රෝගාබාධ තත්වයක් ඇති නිසා නිවෙස් තුළ හුදෙකලා කර ඇති කොවිඩ්-19 රෝගීන් තරයේ සිහිතබාගත යුතු කරුණ වන්නේ තමුන් විසින් කිසිවිටෙකත් ප්‍රතිජීවක ඖෂධ ලබා නො ගතයුතු බවයි.
එහෙත් කොවිඩ්-19 රෝගී තත්වය මත බැක්ටීරියා ආසාදනයක් ඇති වී තදබල ලෙස රෝගී වූ අවස්ථාවක් බවට සෞඛ්‍ය සේවා සපයන්නා විසින් සැකකරනු ලැබූ අවස්ථාවක දී ඔහු විසින් සපයනු ලබන බෙහෙත් වට්ටෝරුව මත පමණක් ප්‍රතිජීවක ලබාගත යුතුය.
සුනිල් අල්ගම
nawaliya