පෙබරවාරි මස සිට ක්‍රියාත්මක වන පරිදි අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග දහයක් සඳහා ස්ථාවර මිළ පවත්වාගෙන යාම සඳහා ඍජු ආනයනකරුවන් හා නිෂ්පාදකයින් එකඟ වේ
පෙබරවාරි මස සිට ක්‍රියාත්මක වන පරිදි අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිළ ස්ථාවර කිරීම සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණීම අරමුණු කරගනිමින් දේශීය නිෂ්පාදකයන් හා ඍජු ආනයනකරුවන් සමඟ රැස්වීමක් වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද දින වෙළෙඳ අමාත්‍යාංශයේදී පැවැත්විණි.
දිවයින පුරා පිහිටුවා ඇති සතොස සහ සමූපකාර අලෙවිසැල් සඳහා භාණ්ඩ ලබා ගැනීමේදී ඒ ඒ ආයතන විසින් තනි තනිව සිදු කරන ලද ක්‍රියාවලිය වෙනුවට නිශ්චිත අලෙවිකරුවන්ගෙන් නිශ්චිත ක්‍රමවේදයක් භාවිතයෙන් සතොස හා සමූපකාර අලෙවිසැල් සඳහා ඒකාබද්ධ ක්‍රමවේදයක් මඟින් භාණ්ඩ ලබා ගැනීමට සැලසුම් සකස් කර ඇති ආකාරය අමාත්‍යවරයා මෙහිදී පැහැදිලි කරන ලදී.
<p style=”float: left;”>
<ins class=”adsbygoogle”
style=”display: inline-block;width: 300px; height: 250px;”
data-ad-client=”ca-pub-6070269274916194″
data-ad-slot=”7224631868″ data-language=”en”>
<script async src=”https://pagead2.googlesyndication.com/pagead/js/adsbygoogle.js”>
(adsbygoogle = window.adsbygoogle || []).push({});
</script>
</ins></p>
ඒ අනුව සතොස හා සමූපකාර අලෙවිසැල් වෙත ඍජු ආනයනකරුවන් හා නිෂ්පාදනකරුවන්ගෙන් ලබා ගන්නා උසස් තත්වයේ ගුණාත්මක භාණ්ඩ ස්ථාවර මිළ ගණන් යටතේ පාරිභෝගිකයා වෙත ලබා දීම සඳහා දේශීය නිෂ්පාදකයින් හා ඍජු ආනයනකරුවන් විසින් මෙහිදී එකඟතාවයකට එළඹිනි.
එමෙන්ම පසුගිය දා පළ කරන ලද අභිප්‍රාය කැඳවීමේ පුවත්පත් දැන්වීම අනුව ලැබි ඇති ප්‍රතිචාර පදනම් කොටගෙන මෙම භාණ්ඩ ලබා ගැනීමේදී අනුගමනය කරනු ලබන නෛතික ක්‍රියාවලිය සම්බන්ධයෙන් අදහස් දක්වමින්, පාරිභෝගිකයා වෙත ගුණත්වයෙන් ඉහළ භාණ්ඩ සාධාරණ මිළකට ලබා දීම සඳහා වූ රජයේ අරමුණ ඉටු කරගැනීම සඳහා ක්‍රියාත්මක කළ මෙම වැඩපිළිවෙල යටතේ ඉතා වගකීමෙන් යුතුව ක්‍රියා කළ යුතු බවත් ගිවිසුම්ගත ආකාරයේ ගුණත්වය මෙම අත්හදා බැලීමේ ව්‍යෘපෘතිය අවසාන වනතෙක්ම පවත්වා ගත යුතු බවත් අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කරන ලදී.
පසුගිය යහපාලන රජයේ පැවති අදූරදර්ශී ක්‍රියා පරිපාටිය සම්පූර්ණයෙන්ම වෙනස් කොට, වැදගත් වගකීමක් රට වෙනුවෙන් ඉටු කරන ඍජු ආනයනකරුවන් හා දේශීය නිෂ්පාදනකරුවන් සඳහා උපරිම සාධාරණයක් ඉටු කරමින් ජනාධිපතිතුමා ප්රමුඛ වත්මන් රජය විසින් ලබා දුන් බදු සහන පදනම් කරගනිමින් දේශීය නිෂ්පාදනකරුවන් හා ඍජු ආනයනකරුවන්ගේ ව්‍යාපාර කටයුතු සඳහා රජයේ දායකත්වය උපරිමයෙන් දැක්වූ බවත් ඒ අනුව පාරිභෝගිකයාද ආරක්ෂා කරමින් සිය වගකීම ඉටු කළ යුතු බවත් අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කරන ලදී.
<p style=”float: left;”>
<ins class=”adsbygoogle”
style=”display: inline-block;width: 300px; height: 250px;”
data-ad-client=”ca-pub-6070269274916194″
data-ad-slot=”7224631868″ data-language=”en”>
<script async src=”https://pagead2.googlesyndication.com/pagead/js/adsbygoogle.js”>
(adsbygoogle = window.adsbygoogle || []).push({});
</script>
</ins></p>
වසංගත තත්වය හමුවේ වුවද සිය ව්‍යාපාර කඩා වැටීමට ඉඩ නොදීමටත් පාරිභෝගික ආරක්ෂාව සලසමින් රටේ ආර්ථිකය නිසි පරිදි පවත්වා ගැනීමටත් වත්මන් රජය විසින් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව ද අමාත්‍යවරයා මෙහිදී පැහැදිලි කරන ලදී.
මෙම අවස්ථාව සඳහා අමාත්‍යාංශ ලේකම් භද්‍රාණී ජයවර්ධන මහත්මිය, අමාත්‍යාංශ අතිරේක ලේකම් ඇතුළු නිලධාරීන් ද, රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්, පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති, සතොස සභාපති, රජයේ වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ද, ඍජු ආනයනකරුවන් හා දේශීය නිෂ්පාදනකරුවන් පිරිසක් සහභාගී වී සිටියහ.