ලොව දැවැන්තම COVID-19 එන්නත්කරණ වැඩසටහන ලෙස පසුගිය සෙනසුරාදා දිනයේදී ආරම්භ කෙරුණු එන්නත්කරණයේදී එන්නත් ලබාගත් පුද්ගලයන් 447ක් තුළ සංකුලතා හට ගෙන ඇතැයි එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අතරින් පුද්ගලයන් තිදෙනෙකු පමණක් රෝහල්ගත කිරීමක් සිදුකර තිබේ. සෙනසුරාදා සහ ඉරිදා සිදු කළ එන්නත්කරණ වැඩසටහන්වලදී මෙම පිරිස හඳුනාගෙන ඇත. ඉන්දීය සෞඛ්‍ය බලධාරීන්ට අනුව එම දින දෙකේදී පමණක් එරට 224,301 දෙනකුට එන්නත් ලබා දී තිබේ.
<p style=”float: left;”>
<ins class=”adsbygoogle”
style=”display: inline-block;width: 300px; height: 250px;”
data-ad-client=”ca-pub-6070269274916194″
data-ad-slot=”7224631868″ data-language=”en”>
<script async src=”https://pagead2.googlesyndication.com/pagead/js/adsbygoogle.js”>
(adsbygoogle = window.adsbygoogle || []).push({});
</script>
</ins></p>බ්‍රිතාන්‍යයේ ඇස්ට්‍රාසෙනෙකා සමාගම හා එක්ව ඉන්දියාවේ සෙරම් ඉන්ස්ටිටියුට් ආයතනය මගින් නිර්මාණය කළ Covishield එන්නත සහ ඉන්දියාවේ භාරත් බයෝටෙක් සමාගම නිපදවූ Covaxin එන්නත මෙලස එරට තුළ එන්නත්කරණය සඳහා යොදා ගැනුණි.