Aboutceylon Online

ඉන්දියාව කොවිඩ් එන්නත් අසල්වාසී රාජ්‍යයන් වෙත ලබා දීම අරඹයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ඉන්දියාව විසින් නිෂ්පාදනය කරනු ලබන කොවිඩ් එන්නත් සඳහා ඉල්ලීම් රැසක් අසල්වාසී රාජ්‍යයන් සහ ප්‍රධාන සහකාර රාජ්‍යයන්ගෙන් ඉන්දියානු රජය වෙත ලැබී ඇත.

මෙම ඉල්ලීම් සඳහා ප්‍රතිචාර දක්වමින් සහ ඉන්දියාවේ එන්නත් නිෂ්පාදනය සහ සැපයීම් ධාරිතාවය කොවිඩ් වසංගතයට එරෙහි සටන සඳහා සමස්ත මනුෂ්‍ය වර්ගයාටම සහය ලබා දීම සඳහා යොදා ගැනීමට ඉන්දියාව විසින් ප්‍රකාශ කරන ලද කැපවීම අනුව භූතානය, මාලදිවයින, බංග්ලාදේශය, නේපාලය, මියන්මාරය සහ සී ෂෙල්ස් යන රටවල් වෙත ඉන්දියානු ප්‍රදාන යටතේ සැපයීම 2021 ජනවාරි 20 වන දින සිට ආරම්භ කෙරෙනු ඇත.

ශ්‍රී ලංකාව, ඇෆ්ගනිස්ථානය සහ මොරිෂස් යන රාජ්‍යයන් වෙත එන්නත ලබා දීම සඳහා අපි එම රටවල නියාමන අනුමැතිය අපේක්ෂාවෙන් සිටිමු.

<p style=”float: left;”>
<ins class=”adsbygoogle”
style=”display: inline-block;width: 300px; height: 250px;”
data-ad-client=”ca-pub-6070269274916194″
data-ad-slot=”7224631868″ data-language=”en”>
<script async src=”https://pagead2.googlesyndication.com/pagead/js/adsbygoogle.js”>
(adsbygoogle = window.adsbygoogle || []).push({});
</script>
</ins></p>ප්‍රතිශක්තිකරණ වැඩසටහන අනෙක් රටවල මෙන් සෞඛ්‍ය ‍සේවකයන්, ඉදිරිපෙළ ක්‍රියාකාරීන් සහ වඩාත් දුර්වල කණ්ඩායම් අවරණය කෙරෙමින් අදියර කිහිපයක් යටතේ ඉන්දියාව තුළ ක්‍රියාත්මක වෙමින් පවතී.

දේශීය අවශ්‍යතාවය සපුරා ගන්නා අතරම ඉන්දියාව අදියර කිහිපයක් යටතේ ඉදිරි සති සහ මාස කිහිපය තුළ සහකාර රාජ්‍යයන් වෙත කොවිඩ්-19 එන්නත් ලබා දීමට කටයුතු කරනු ඇත. විදේශයන්ට එන්නත් සපයන අතරතුර දේශීය අවශ්‍යතාවය සඳහා ද ප්‍රමාණවත් තොග දේශීය නිෂ්පාදකයන් සතුව පවතින බවට සහතික කෙරෙනු ඇත.

එන්නත් සැපයීමට පෙර 2021 ජනවාරි 19-20 දෙදින එන්නත ලබා ගන්නා රටවල ප්‍රතිශක්තිකරණ කළමනාකරුවන්, උෂ්ණත්ව පාලක සැපයුම් දාම නිලධාරීන්, සන්නිවේදන නිලධාරීන් සහ දත්ත කළමනාකරුවන් සඳහා ජාතික සහ පළාත් මට්ටමෙන් පරිපාලන සහ මෙහෙයුම් අංශයන් ආවරණය කෙරෙමින් පුහුණු වැඩසටහනක් පවත්වනු ලබයි.

ඉන්දියාව කොවිඩ් 19 වසංගත සමය තුළ රටවල් රැසකට හයිඩ්‍රොක්සි‍ක්ලෝරක්වින්, රෙම්ඩෙසිවිර් සහ පැරසිටමෝල් යන ‍ඖෂධ සහ රෝගය හඳුනාගැනීමේ කට්ටල, ශ්වසන ආධාරක යන්ත්‍ර, මුහුණු ආවරණ, අත් වැසුම් සහ වෙනත් වෛද්‍ය සැපයුම් ලබා දෙන ලදී.

<p style=”float: left;”>
<ins class=”adsbygoogle”
style=”display: inline-block;width: 300px; height: 250px;”
data-ad-client=”ca-pub-6070269274916194″
data-ad-slot=”7224631868″ data-language=”en”>
<script async src=”https://pagead2.googlesyndication.com/pagead/js/adsbygoogle.js”>
(adsbygoogle = window.adsbygoogle || []).push({});
</script>
</ins></p>සායනික අත්හදා බැලීම් වේගවත් කිරීමේ වැඩසටහන සඳහා වන සහයෝගීතාවයන් (Partnerships for Accelerating Clinical Trials – PACT) යටතේ ඉන්දියාව අසල්වාසී රටවල් රැසක සායනික හැකියාවන් ඉහළ නංවා ගැනීම සහ ශක්තිමත් කිරීම සඳහා පුහුණුවන් ලබා දී ඇත.

එසේම, ඉන්දියානු තාක්ෂණික සහ ආර්ථික සහයෝගීතා (ITEC) වැඩසටහන යටතේ ඉන්දියාව සහකාර රාජ්‍යයන්හි සෞඛ්‍ය සේවකයන් සහ පරිපාලන නිලධාරීන් සඳහා පුහුණු පාඨමාලාවන් රැසක්ද සංවිධානය කරන ලදී. මෙහිදී වසංගතයට මුහුණ දීම සම්බන්ධයෙන් අපගේ අත්දැකීම් බෙදා ගන්නා ලදී.

මෙම ප්‍රයත්නයන් තවදුරටත් ඉදිරියට ගෙන යමින් ඉන්දියාව ලොව පුරා රටවලට කොවිඩ් එන්නත් සැපයීමට කටයුතු කරනු ඇත.

මෙය දේශීය අවශ්‍යතාවයන්ද සපුරා ගනිමින් එන්නත් සහ ප්‍රතිශක්තිකරණය සඳහා ගෝලීය සන්ධානයෙහි (Gavi) සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා කොවැක්ස් පහසුකම ඇතුළු ජාත්‍යන්තර ඉල්ලුම සහ වගකීම් සපුරාලීම සඳහා නිසි ලෙස යොදා ගැනෙනු ඇත.

Scroll to Top