Aboutceylon Online

ඉන්දියාව කොවිඩ්-19 වසංගතයට එරෙහි සටනේ පෙරමුණ ගනී

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

සමස්ත ඉන්දියාවම ආවරණය කෙරෙමින් ක්‍රියාත්මක කෙරෙන කොවිඩ්-19 එන්නත්කරණ වැඩසටහන අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමා විසින් 2021 ජනවාරි 16 වන දින වීඩියෝ තාක්ෂණය ඔස්සේ සමාරම්භ කෙරිණ.

ලොව විශාලතම එන්නත්කරණ වැඩසටහන ලෙස සැලකෙන මෙහි පළමු අදියර යටතේ ඉන්දියාව පුරා සිටින සෞඛ්‍ය සේවකයන් සහ ඉදිරිපෙළ වැඩසටහන් ක්‍රියාකාරීන් මිලියන 30ක් ආවරණය කෙරේ.



දෙවන අදියර යටතේ මිලියන 300ක පිරිසක් ආවරණය කිරීමට අපේක්ෂා කෙරේ. වැඩිහිටි ජනතාව සහ බරපතළ රෝගාබාධ සහිත වූවන්ට මෙම අදියරේදී වැඩි අවධානයක් යොමු වනු ඇත.

සමාරම්භක අවස්ථාවේදී එන්නත්කරණ ස්ථාන 3006ක් අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ කර තිබූ අතර සමාරම්භක දිනයේදී එක් එන්නත්කරණ ස්ථානයකදී ප්‍රතිලාභීන් 100 බැගින් පමණ එන්නත් කරන ලදී.

මෙම සුවිසල් එන්නත්කරණ වැඩසටහන ඉන්දියාව විසින්ම නිර්මාණය කරන ලද Co-WIN නමැති මාර්ගගත ඩිජිටල් වේදිකාවක් හරහා බලගන්වා ඇත.

එමගින් එන්නත් තොග, ගබඩාකරණ උෂ්ණත්වය සහ එක් එක් ප්‍රතිලාභීන් නිරීක්ෂණය කිරීම යනාදිය පිළිබඳ තත්‍ය කාල තොරතුරු ලබා දේ. සතියේ සෑම දිනම පැය 24 පුරා ක්‍රියාත්මක ඇමතුම් මධ්‍යස්ථානයක්ද එන්නත පරිපාලනය කිරීමේ සියලු කටයුතු වෙනුවෙන් ස්ථාපිත කර ඇත.



සමාරම්භක අවස්ථාව අමතමින්, අග්‍රාමාත්‍ය මෝදි මැතිතුමා කොවිඩ්-19 වසංගතයට මුහුණ දීම සඳහා ඉන්දියානු රජය විසින් ගෙන ඇති විවිධ පියවර පිළිබඳව සඳහන් කළේය.

ඉන්දියාව සිය ප්‍රථම කොවිඩ්-19 උපදෙස් මාලාව 2020 ජනවාරි 17 වන දින නිකුත් කළේය. එසේම, ගුවන් තොටුපළේදී මගීන් කොවිඩ් වෛරසය සඳහා පරීක්ෂා කළ පළමු රටවල් කිහිපය අතර ඉන්දියාව ද වේ.

විශේෂයෙන්ම එන්නත් පිළිබඳව අදහස් දක්වමින්, අග්‍රාමාත්‍යතුමා ඉන්දියානු එන්නත් ඉන්දියාවේ සාර්ථකව අත්හදා බලන ලද තාක්ෂණය මත පදනම්ව ගොඩනඟා ඇති බවත් එම එන්නත් වසංගතයට එරෙහි සටනේදී ඉන්දියාවට තීරණාත්මක ජයග්‍රහණයක් ලබා දෙනු ඇති බවත් සඳහන් කළේය.

Scroll to Top