Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

පානදුගමට මහා ගංවතුර තත්ත්වයක්(Photos)

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

නිල්වලා ගඟ පිටාර ගැලීමෙන් පානදුගම ප්‍රදේශයට බලපෑ සුළු ගංවතුර තත්ත්වය මේ වනවිට මහා ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය වී ඇකි බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සදහන් කරයි. පානදුගම ජල මිනුම් ඒකකයේ මහා ගංවතුර මට්ටම මීටර් 6.5 ක් වන අතර එය මීටර් 6.64 ක් දක්වා වැඩි වී ඇති බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවේ.

පිටබැද්දර ප්‍රදේශයෙන් ද නිල්වලා ගගේ ජල මට්ටම අවදානම් මට්ටම කරා පැමිණ ඇති බවත් ගිං ගගේ ජල මට්ටම ද තවලම ප්‍රදේශයෙන් අවදානම් මට්ටමට ළඟා වී ඇති බවත් ඒ පිළිබඳව විමසිලිමත් වන ලෙස ගංගා දෙපස පහත්බිමවල වෙසෙන ජනතාවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

මාතර, කඩවත්සතර, තිහගොඩ, මාලිම්බඩ, කඹුරුපිටිය, අතුරලිය, යන ප්‍රදේශීය ලේකම් කොට්ඨාසවල වෙසෙන ජනතාව මේ පිළිබදව විමසිල්ලෙන් සිටින ලෙසද වාරිමාර්ග දෙපාර්තමේන්තුව සදහන් කරයි.

දිවයිනේ නිරිත දිග කොටසේ දැනට පවතින වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දකුණු, සබරගමුව, මධ්‍යම සහ බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 150ක පමණ තද වර්ෂාපතනයක් ද ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්.

Scroll to Top