එක දිගට ටෙස්ට් ඉනිම 4කදී ලකුණු නොලබා පිටියෙන් දැවී ගිය කුසල් මෙන්ඩිස් අද ලකුණු 15ක් ලබා ගැනීමට සමත් විය.
ඒ, එංගලන්තය සමග පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ ශ්රී ලංකා කණ්ඩායමේ දෙවන ඉනිමේදීය.
මේ අතර මෙන්ඩිස් සිය ඉනිම ආරම්භ කිරිමට පෙර සුවිශේෂි සිදුවීමක්තරගය අතර තුර සිදුවිය.
ඒ ඔහු සිය පළමු පන්දුවට මුහුණ දීමට පෙර එංගලන්ත නායක ජෝ රූට් කුසල් මෙන්ඩිස් අසලට පැමිණ ඔහුගේ වම් අත මිට මොලවා කුසල් වෙත දිගු කර ඔහුට සුබ පැතුම් එක් කිරීමයි.
ක්රිකට් ක්රීඩාවේ මහත්මා ගුණය, ජීව ගුණය පිළිඹිබු කරමින් රූට් සිදු කළ මෙම ක්රියාව මේ වනවිට ක්රිකට් ක්රීඩාවට ආදරය කරන ලොවපුරා ප්රේක්ෂකයින්ගේ කතාබහට සහ ප්රසාදයට ලක්වූ සිදුවීමක් බවට පත්ව තිබේ.
ජෝ රූට් මෙම තරගයේදී සිය ටෙස්ට් ක්රිකට් දිවියේ සිව්වැනි ද්විත්ව ශතකය ලබා ගැනිම ද විශේෂත්වයකි.
ඔහු ලබා ගත් ලකුණු ගණන 228කි.
පන්දු 65කට මුහුණ දුන් කුසල් මෙන්ඩිස් ජොස් බට්ලර් අතට උඩ පන්දුවක් ලබා දී ලකුණු 15කට දැවී ගියේය.