ගොවි හා ධීවර විශ්‍රාම වැටුප් සඳහා බඳවා ගැනීම් මේ මාසයේ සිට යළි ආරම්භ කිරීමට තීරණය කර තිබේ.
කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති නීතිඥ ප්‍රේමචන්ද්‍ර ඈපා මහතා සඳහන් කළේ , වසර 05 කට අධික කාලයක් මෙම විශ්‍රාම ක්‍රමයට බඳවා ගැනීම් අත්හිටුවා තිබූ බවයි.
මේ හේතුවෙන් ගොවි හා ධීවර ජනතාව දැඩි පීඩාවට පත්ව සිටි බව ද ඔහු පෙන්වා දෙයි.
ධීවර විශ්‍රාම වැටුප් සඳහා ධීවර දෙපාර්තමේන්තුව සමග ඒකාබද්ධව වැඩපිළිවෙළක් සකස් කර ඇති බව ද ඔහු සඳහන් කළේය.