ලබන බදාදා එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදි ඉදිරි ජනාධිපතිවරණය සදහා අපේක්ෂකයා තෝරා පත් කරගැනීමට නියමිතව තිබේ.
අද දිනයේදි (22) එක්සත් ජාතික පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා අතරත් ඉන් අනතුරුව කතානායක කරු ජයසූරිය මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතරත් අද දිනයේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව වාර්තා වෙයි.