කොළඹ සොයිසා කාන්තා රෝහලේදී පසුගියදා පස් නිවුන් දරුඋපතක් සිදුවිය.
මෙරට පළමු පස් නිවුන් දරු උපත ලෙස මේ අවස්ථාව සනිටුහන් වී ඇත.
පවුලට වාසනාව ගෙන දෙමින් මෙලොව එළිය දුටු දියණියන් පස් දෙනාගේ පියා වන දොම්පේ පැපිලියවල පදිංචි ප්රියදර්ශන මහතා ලංකා බැංකුවේ පූගොඩ ශාඛාවේ පෙර සිටම ගනු දෙනු කරුවෙකි.
මෙවර උදාවූ නත්තල සහ නව වසර සමග එම බැංකු ශාඛාව විසින් සුවිශේෂ අවස්ථාවකට පියවර තබමින් එම දරු පවුලේ අනාගතය වෙනුවෙන් ලංකා බැංකුවේ ප්රධාන කාර්යාලය හා අනුබද්ධව ඔවුනට උපකාර කිරීමට තීරණය කර පූගොඩ ශාඛා කළමනාකාරීණී ඩබ්.ඒ.එන්. වීරක්කොඩි මෙණෙවිය ඇතුළු කාර්ය මණ්ඩලය විසින් ජාතියට ලබා දුන් දරු සම්පත් අගය කරමින් ඔවුන්ට නිරෝගි දීර්ඝායුෂ පතා දියණියන්ගේ මව වන ලියනආරච්චි මහත්මියට තිළිණ ප්රදානය කරන ලදි.