ඊයේ පස්වරු 6.00 සිට ක්‍රියාත්මක වන පරිදි පෑලියගොඩ පොලිස් වසමේ ගඟබඩ ග්‍රාම නිලධාරි වසමේ 90 වත්ත ප්‍රදේශය හුදෙකලා කිරිමට පියවර ගත් බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
කොළඹ ප්‍රදේශ 02ක ජනතාව සෞඛ්‍ය උපදෙස්වලට අවනත නොවී නැවතත් සමූහ වශයෙන් විවිධ ආකාරයේ ක්‍රියාකාරකම්වල නිරත වෙමින් ඇති බවට සිවිල් ඇඳුමින් නිරීක්ෂණ කටයුතුවල නිරත වූ පොලිස් නිලධාරීන් වාර්තා කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
කොළඹ උතුර සහ කොළඹ මධ්‍යම ප්‍රදේශවල ජනතාව නැවතත් එළෙස සෞඛ්‍ය උපදෙස් කඩකරමින් කටයුතු කරමින් ඇති බව ඔහු පෙන්වා දෙයි.
ඒ හේතුවෙන් නැවත එම ප්‍රදේශවලින් කොවිඩ් පොකුරු සහ අනු පොකුරු ඇතිවීමේ ඉඩකඩ ඇති බවද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.
අවදානම යළිත් මතු වුවහොත් එම ප්‍රදේශ නැවත හුදකලා කිරීමට සිදුවිය හැකි බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.