දියකාවා යුද අභ්‍යාස මෙහෙයුම් අතරතුර කුච්චවේලි, කුඹුරුපිටිය ප්‍රදේශයේදී 35 හැවිරිදි ගාල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 04 වන කමාන්ඩෝ බලකා මුලස්ථානයට අනියුක්තව රාජකාරි කළ යුද හමුදා භටයෙකු මියගොස් ඇත.
දියකාවා යුද අභ්‍යාස මෙහෙයුමේ පැරෂුට් පුහුණුවීම් වල යෙදී සිටියදී යුද හමුදා සෙබලාගේ පැරෂුටය සුළඟට ගසාගෙන ගොස් මුහුදට වැටී දියේ ගිලි ඇත. එසේ මුහුදට වැටුණු යුද හමුදා සෙබලාව ත්‍රිකුණාමලය රෝහලට ඇතුලත් කිරීමට පියවර ගත් අතර එහිදී ඔහු මියගොස් ඇත.
ත්‍රිකුණාමලය වරාය පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.