Aboutceylon Online

වකුගඩු රෝගීන් බහුලව වෙසෙන මැදවච්චිය ජනතාවට පිරිසිදු පානීය ජලය

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

2024 වර්ෂය වන විට සැමට පිරිසිදු පානීය ජලය ලබා දීමේ වත්මන් ආණ්ඩුවේ වැඩසටහන යටතේ  අනුරාධපුර මහකනදරාව ජලාශය කේන්ද්‍ර කර ගනිමින් නිදන්ගත වකුගඩු රෝගීන් බහුලව වෙසෙන මැදවච්චිය හා රඹෑව ප්‍රදේශයන් වෙත සුරක්ෂිත පානීය ජලය සැපයීම වෙනුවෙන් ඉදි වෙන අනුරාධපුර උතුරු ජල සම්පාදන ව්‍යාපෘතියෙහි ජල පිරිපහදු සංකිරණය මිහින්තලය ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතාගේ නිරීක්ෂණයට ලක් විය.

මිහින්තලය ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේදී ජනතාවට පිරිසිදු පානීය ජලය සැපයීම සම්බන්ධයෙන් සිදු කළ සාකච්ජාවකින් අනතුරුව මෙම ජල පිරිපහදු මධ්‍යස්ථානය අමාත්‍යයතුමන්ගේ නිරීක්ෂණයට ලක් විය.

2024 වර්ෂය අවසන් වන විට සැමට පිරිසිදු පානීය ජලය ලබා දීමේ වත්මන් ආණ්ඩුවේ වැඩපිළිවෙල යටතේ කාළගුණ විපර්යාස, නියං හෝ වැසි නොතකා පානීය ජලය සැපයීම වෙනුවෙන් රුපියල් මිලියන 11 515 ක මුදලක් වැය කරමින් ක්‍රියාත්මක කෙරෙන මම ජල සම්පාදන ව්‍යාපෘතිය මගින් මැදවච්චිය හා රඹෑව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ දෙකම ආවරණය කරමින් එම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සියලු ජනතාවට පානීය ජලය සම්පාදනය කරනු ලබයි.මේ මගින් පවුල් 25 000 ක් සඳහා පිරිසිදු පානීය ජලය සැපයීමට නියමිතය.

වැසි ජලය පමණක් ගබඩා වන කනදරාව ජලාශයට මොරගහකන්ද ජලාශයෙන් ජලය සම්පාදනය කර මෙම ව්‍යාපෘතිය තවත් පුලුල් කර වවුනියාව හා මන්නාරම දක්වා මෙම ජල ව්‍යාපෘතිය දීර්ඝ කිරීමටද නියමිතය.

ඒ මගින් කනදරාව ජලාශය යටතේ කෘෂිකර්මාන්තය, වී වගාව වෙනත් ක්ෂ්‍රේත්‍ර භෝග හා වාණිජ ගොවිතැන් සඳහා ජලය සැපයීම තහවුරු කිරීමද සිදු කෙරේ.

මෙම නිරීක්ෂණ චාරිකාවේදී ජල ව්‍යෘපෘති පිරිපහදු සංකීරණයේ ඉදි කිරීම් කටයුතු සම්බන්ධයෙන් අමාත්‍යයතුමන්ගේ නිරීක්ෂණයට ලක් විය.

මෙම අවස්ථාවට ව්‍යාපෘති ඉංජිනේරුතුමන් ඇතුළු නිලධාරීන් පිරිසක්ද සහභාගී වූහ.

Scroll to Top