Aboutceylon Online

බස්නාහිර පළා‌තේ විශේෂ මෙහෙයුමක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

සෞඛ්‍ය බලධාරීන් සමග එක්ව බස්නාහිර පළාත තුළ සහ ඒ ආශ්‍රිත ප්‍රදේශ ආශ්‍රිතව පොලීසිය අද දිනයේ විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ මහතා සඳහන් කළේ, 2020 ඔක්තෝම්බර් 15 වැනි දින නිකුත් කර ඇති ගැසට් නිවේදනයට අදාළව කටයුතු සිදු වන්නේ ද යන්න එහිදි සොයා බලන බවයි.

කිසියම් ආයතනයක් , කාර්යාලක් හෝ කර්මාන්ත ශාලාවක්,

*අත්සෝදා ගනීමට ස්ථානයක් සකස් කිරීම
*උෂ්ණත්වය මැනීම
*නාම ලේඛනයක් පවත්වා ගැනීම
*දුරස්තභාවය රැකීම
*දිනකට කිහිප වාතාවක් උෂ්ණත්වය මැනීම

ඇතුළු කරුණු පිළිබඳ අවධානය යොමු නොකිරීම නිරෝධායන නීතින් යටතේ වරදක් වන බවයි.

ඔක්තෝබර් මස 30 වන දින සිට මේ දක්වා කාලය තුළ නිරෝධායන රීතීන් කඩකළ පුද්ගලයින් 2415 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට ගත් පුද්ගලයින්ගෙන් 2250කට එරෙහිව මේ වන විට නඩු පවරා ඇත.

අජිත් රෝහණ මහතා වැඩ්දුරටත් පැවසුවේ ජනතාව හැකි උපරිමව සෞඛ්‍ය නීති රීතින් වලට අවනත වි කටයුතු කළ යුතු බවය.

මෙරට වෙෙරසය අාසාදනය වූ රෝගින් ගණන 44596ක් වන අතර ඉන් පුද්ගලයින් 38567ක් පුර්ණ ලෙස සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබේ.

 මෙරට කොරෝනා වැළදීමෙන් සිදුවූ මරණ ගණන 232ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Scroll to Top