Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ලෝක ව්‍යසන තත්වය තුළ රටේ සමස්ත වෙළෙඳපොල මනා කළමණාකරණයකින් යුතුව පවත්වාගෙන යනවා – වෙළෙඳ අමාත්‍ය 

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

පාරිභෝගික ජනතාව හා දේශීය නිෂ්පාදකයන් ආරක්ෂා කරමින් පවත්නා වසංගත තත්වය හමුවේ වෙළෙඳපොලෙහි අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග කිහිපයක මිළ ස්ථායීකරණ වැඩපිළිවෙල සම්බන්ධව විකෘති වූ පුවත් විවිධ පුවත්පත් ඔස්සේ පළ කර ඇති ආකාරය පිළිබඳව පෙන්වා දෙමින් අමාත්‍යවරයා මෙසේ අදහස් ප්‍රකාශ කරන ලදී.

“සමහර පුවත්පත් විසින් මෙම මිළ ස්ථායීකරණ වැඩපිළිවෙල සම්බන්ධයෙන් විකෘති පුවත් පළ කරනවා. පාරිභෝගික ජනතාව නොමඟ යවමින් කිසිදු පදනමකින් තොරව පළ කෙරෙන මෙවැනි පුවත් හේතුවෙන් ජනතාව තුළ ඇති වන්නේ අනිසි බියක්.

මහා බලවත් යැයි හඳුනාගැනෙන රටවල් පවා මෙම වසංගතයෙන් ඉතා අවදානම් තත්වයකට පත් වෙද්දී  ජනාධිපතිතුමා ප්‍රමුඛ වත්මන් රජය මනා කළමණාකරණයකින් යුතුව දේශීය වෙළෙඳපොල හා රටේ සමස්ත ක්‍රියාවලියම හසුරවනවා.

පසුගිය යහපාලනයෙන් අසීමාන්තිකව භාණ්ඩ ආනයනය කරමින් කටයුතු කළ නමුත් අපි අපේ ගොවීන් හා නිෂ්පාදකයන්ට මුල් තැන ලබා දී පාරිභෝගිකයාට ගුණත්වයෙන් ඉහළ භාණ්ඩ සාධාරණ මිළකට ලබා දීමට කටයුතු කර තිබෙනවා. මෙම භාණ්ඩ මිළ ස්ථායීකරණ වැඩසටහනත් එවැන්නක්. මේ හේතුවෙන් පුවත්පත් මේ සම්බන්ධයෙන් ඉතා වගකීමෙන් කටයුතු කළ යුතුයි.”

එමෙන්ම පෙබරවාරි මාසයේ සිට ඉදිරි මාස හයක කාලය සඳහා අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග කිහිපයක මිළ ස්ථායීකරණය කිරීමට අවශ්‍ය ගිවිසුම් වලට එළඹීමට මේ වන විට කටයුතු කර ඇති ආකාරය අමාත්‍යවරයා මෙහිදී පැහැදිලි කරන ලදී.

එහි නෛතික තත්වය සම්බන්ධයෙන් පැහැදිලි කරමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, පාරිභෝගික ආරක්ෂණ පනතේ 10 වැනි වගන්තිය ප්‍රකාරව වෙළෙඳ අමාත්‍යවරයාගේ උපදෙස් මත පාරිභෝගික සේවා අධිකාරියට නිෂ්පාදකයන්, ආනයනකරුවන් හා සැපයුම්කරුවන් සමඟ ඉදිරි මිළ නිර්ණය කරමින් ගිවිසුම් වලට එළඹීමේ හැකියාව පවත්නා බවයි.

එමෙන්ම වෙළෙඳ අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක කර ඇති ඉදිරි මාස 06ක් සඳහා අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිළ ස්ථායීකරණ වැඩසටහන සම්බන්ධයෙන් සිය අභිලාෂයන් දැක්වීම සඳහා ජනවාරි මස 07 වැනි දින පළ කරනු ලැබූ පුවත්පත් දැන්වීම ප්‍රකාරව මෙම ව්‍යාපෘතිය ඉදිරියේදී අවශ්‍ය පරිදි පවත්වාගෙන යාමට කටයුතු කරනු ලබන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.

Scroll to Top