Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ශ්‍රී ලංකාව ආසන්නයේ පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්, දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තුවේ. දිවයින පුරා අහස වලාකුළින් බරව පවතිනු ඇත.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

උතුරු, නැගෙනහිර, උතුරු-මැද සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට  මි.මී. 150 ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැක.

සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 100 වැඩි තද වැසි ද ඇතිවිය හැක.

උතුරු සහඋතුරුමැද පළාත් හරහා සුළගේ වේගය විටින්විට පැ.කි.මී. (40-50)දක්වා වැඩිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවියහැකි තාවකාලික තදසුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

Scroll to Top