2020 අ.පො.ස. උසස් පෙළ විභාගයේ විභාග රාජකාරිවල නිරත වු නිලධාරින්ට අදාල රාජකාරි සඳහා වන ගෙවීම් සිදු කිරීමේදී විභාග දෙපාර්තමේන්තුව දන්වා තිබු පරිදි වවුචර් මගින් ඉල්ලා ඇති මුදල් කප්පාදු කර ගෙවීම් සිදු කර ඇති බව අප සංගමය වෙත අදාල ගුරුවරුන් හා විදුහල්පතිවරුන් විසින් වාර්තා කර ඇත.
විශේෂයෙන් covid–19 වසංගතය හමුවේ විභාග දෙපාර්තමේන්තුව පැවැත්වු අ.පො.ස. උසස් පෙළ විභාගය සාර්ථකව අවසන් කර ගැනීම සඳහා විවිධ දුෂ්කර තත්ත්වයන් යටතේ මහත් කැපවීමෙන් කටයුතු කළ නිලධාරින්ට මේ ආකාරයෙන් ලැබිය යුතු දීමනා කප්පාදු කිරිම අප සංගමය කිසිසේත් අනුමත නොකරමු.
එමෙන්ම වසංගත අවධානම තුළ නිරෝධායනයට ලක් කළ ප්‍රදේශවල විභාගය පැවැත්වීමේදී ප්‍රවාහන දුෂ්කරතා ඇතු`ඵ එම නිලධාරින් මුහුණ දුන් ගැට`ඵ පිළිබඳව අප සංගමය, ඔබව වරින්වර දැනුවත් කර ඇත. එහිදි නිරෝධායනයට ලක් කර තිබු ප්‍රදේශවල ප්‍රවාහන පහසුකම් සලසා ගැනීම සඳහා දීමනාවක් ගෙවීමට ද තීරණය කර තිබිණි.
එහෙයින් විභාග දෙපාර්තමේන්තුවේ දැනුම්දීම් වලට අනුව ගෙවිය යුතු සියලුම ගෙවීම් වලට අදාලව එම නිලධාරින් විසින් සිදු කරන ලද ඉල්ලීම් කප්පාදු කිරීමට කටයුතු නොකර අදාල හිඟ මුදල් වහාම ගෙවීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටින ලංකා ගුරු සේවා සංගමය එසේ නොවෙන්නේ නම් ඉදිරියේදී පැවැත්වීමට නියමිත අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ රාජකාරි කටයුතු සම්බන්ධව තීරණයක් ගැනීමට සිදු වන බවද වැඩිදුරටත් දන්වා සිටිමු.
ලංකා ගුරු සේවා සංගමය