හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පාලාගම ඇල ප්‍රතිසංස්කරණය කිරීමට ඇති අවශ්‍යතාවය පිලිබඳව සොයා බැලීම සදහා පාරිභෝගික කටයුතු පිළිබඳ කැබිනට් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ආරාධනයෙන් වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා එහි නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
මෙම පාලාගම ඇල කළුගගේ අතූ ශාඛාවක් වන අතර කළුතර දිස්ත්‍රික්කයේන් එය ආරම්භවී කිදෙල්පිටිය රම්බරී ඇලටද අවසානයේ දී සම්බන්ධ වේ.
පාලාගම ඇල රම්බරී ඇලට (කටු ගගේ අතු ශාඛාව) සම්බන්ධ වීමට ඇති කි:මී එකහමාරක් පමණ ප්‍රදේශය පුලුල් කිරීම පිලිබදව ද මෙහිදී සාකච්ඡා කෙරින.
ඊට අමතරව වෙනිවැල්කොල අමුණ ද පරීක්ෂා කල අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා එහි ඇති සංවර්ධන කටයුතු මනා ලෙස සිදූකල යූතූ බවත් ඒ සදහා අවශ්‍ය තාක්ෂණ නිලධාරින් යොදවා අවශ්‍ය කටයුතු සිදූ කෙරෙන ලෙසත් එහි සිටි නිලධාරින්ට උපදෙස් දෙන ලදී.
කළු ගගට සම්බන්ධ වන මෙම අතූ ගගංව හරස් කොට අමුනක්ද ඉදිකිරීමට නියමිතයි.
අක්කර 500 පමන විහිදී ගලා බසින මෙම ගංගාව වටා ප්‍රදේශයේ පවුල් 3000 පමන සිටී.
ඍජුවම කෘෂිකර්මාන්තය ජීවනෝපාය කරගත් ගොවි පවුල් 400 පමණ සිටින අතර ඔවුන් ගොටුකොළ,කංකූන්,
මූකුනූ වැන්න, කුරුදු,වී වැනි බෝග සදහා වැඩි නැඹුරුතාවයක් දක්වයි.
මෙම ඇල පුලුල් කිරීම තුළින් අධික වර්ෂාපතනයක් ලැබෙන අවස්ථා වලදී ජලයේන් යටවන පොල්ගස්ඕවිට සහ කහ තුඩුව ප්‍රධාන මාර්ගය හා දැඩි ලෙස පීඩාවට පත්වන අවට ජනතාව ට ද විශාල සහනයක් වනු ඇත.
එහිදී අදහස් දැක්වූ අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා…
පහුගිය කාල වකවානුවල වාරි පද්ධතිය සදහා ඇතැම් ශේත්රවලට වලට නිසි අවධානයක් යොමුවී තිබුණේ නැහැ.
අද නිරීක්ෂණය කල මේ වාරි පද්ධතියෙත් සමහරවිට මෙහි අයිති කරු කවුරද…මේක හදන්න ඕන කවුද….මේක නඩත්තු කරන්න ඕන කවුද කියල ප්‍රශ්නයක් තියෙන්න පුලුවන්.
අතිගරු ජනාධිපතිතුමා මේ වෙන විට අපට රාජ්‍ය අමාත්‍යංශ හරහා මෙවැනි ප්‍රශ්නවලට විසඳුම් ලබාදී තිබෙනවා.
සමහර ක්ෂේත්‍ර වලට සමහරක් වගකීම් භාර දීමේදී විෂයයන් හැටියට නම්කරල අතිගරු ජනාධිපතිතුමා අපිට එය භාර දීල තිබෙනවා.
ඇල පද්ධතිය,වාරි පද්ධතිය අයිති වන්නේ කුමන රාජ්‍ය ආයතනයකටම වුවත් රටේ ගොවි ජනතාවට අවශ්‍ය වන සහනය සහයෝගය ලබාදීම තමයි අපේ අමාත්‍යංශය මගින් සිදු කරන්නේ.
මෙම ඇළ මාර්ගය ඇල මාර්ගය සංවර්ධනය කිරීමට කඩිනම් විසඳුම් ලබා දීම තූළින් කෘෂිකාර්මික වශයෙන් ගොවීන්ට මහත් පිටිවහලක් වන බව මට විශ්වාසයි.
මේ ප්‍රදේශය ගත් කල්හි සංචාරක වශයෙනුත් ලොකු වටිනාකමක් ඇති ප්‍රදේශයක්. ඒ නිසා කෘෂිකර්මාන්තයටත් ගොවීන්ටත් ඔවුන්ගේ ජීවනෝපාය ඉහළ නැංවීමට හැකි වන බව මගේ විශ්වාසයයි.
වැව හැදෙනකොට ඇල පද්ධතිය සකස් විය යුතුයි.ඒ ඇල සකස්වීමේ දී නිසියාකාරව ජලය බැසයාමේ ක්‍රමවේදය සකස් විය යුතුයි.
ඒ වගේම එම වතුර කෘෂිකර්මාන්තයට ගොවියාට ගොවිබිමට නිසියාකාරව ගලා යාමට සැලස්වා ගොවියාට ප්‍රයෝජනවත් වන ආකාරයට හා ඒ තුළින් රටේ සමස්ත නිෂ්පාදනය කෘෂි නිෂ්පාදන ඉහළ යුතුයි.
අප සැම විට ම සමස්ත ක්‍රියාවලිය පිළිබඳව ම අවධානය යොමු කිරීම ඉතා වැදගත්.
මෙම අවස්ථාව සඳහා වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මැතිතුමා,
ප්‍රාදේශීය ලේකම්තුමා, වාරිමාර්ග රාජ්‍ය අමාත්‍යංශයේ ස්ථිර ලේකම්තුමා, අධ්යක්ෂ ජනරාල්තුමා අතිරේක අධ්යක්ෂ ජනරාල් තුමා, රාජ්‍ය අමාත්‍යතුමාගේ සම්බන්ධිකරණ ලේකම් ගජබා කල්යනතිස්ස ගොඩමුන්න මහතා සහ ගොවි සමිතිවල නායකයින් ප්‍රදේශයේ දේශපාලන නායකයින් සහ රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගි වී සිටියහ.