කොළඹ කොටස් හුවමාරුවෙහි අධ්යක්ෂ මණ්ඩලය විසින් ස්වයංක්‍රීය වෙළෙද පද්ධතියෙහි සිට ගනුදෙනුවන කොටස් ප්‍රමාණය සදහා අදාළ වන ඇනවුම් දෙකක් අතර මිලෙහි අවම අගය (Tick size) වෙනස් කිරීමට තීරණය කර ඇත.
ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවෙහි අනුමැතිය ඇතිව මෙම වෙනසට පහසුකම් සැලසීම සඳහා කොළඹ කොටස් හුවමාරුව විසින් අවශ්‍ය නීති රීති වෙනස්කම් සිදුකර ඇත.
මෙම වෙනස්වීම පහත අයුරින් දැක්විය හැක.
කොටසක වටිනාකම (රුපියල්) ඇනවුම් දෙකක් අතර මිලෙහි අවම අගය (Tick Size) (රුපියල්)
වටිනාකම 100 සහ ඊට අඩු 0.10
වටිනාකම 100ට වැඩි 0.25
මෙම වෙනස්වීම 2021 ජනවාරි 08 වන වෙළෙද ගනුදෙනු දිනයදා සිට බලපැවැත් වේ
මෙම වෙනසට පහසුකම් සැලසීම සඳහා 2021 ජනවාරි 7 වන දින සිට වෙළෙඳ ගනුදෙනු අවසන් වන විට කොළඹ කොටස් හුවමාරුව විසින් ස්වයංක්‍රීය වෙළෙද පද්ධතියෙහි ඉතිරිව ඇති සියලුම ඇණවුම් අවලංගු කරනු ඇත.
මීට අමතරව, ස්වයංක්‍රීය වෙළෙද පද්ධතිය මත ඇණවුම් කිරීමට ප්‍රමාණවත් කාලයක් ලබා දීම සඳහා 2021ජනවාරි 08 වන දින විවෘත වෙන්දේසි කාලය පෙරවරු 10.15 සිට පෙරවරු 11.00 දක්වා දීර් ඝ කර ඇත.
වැඩි විස්තර සඳහා අමතන්න ,
රේණුක විජයවර්ධන මහතා – ප්‍රධාන නියාමන නිලධාරී
කොළඹ කොටස් හුවමාරුව
දුරකථන : + 94 112356540, ජංගම දුරකථන : +94773469463
කොළඹ කොටස් හුවමාරුව පිළිබඳව:
කොළඹ කොටස් හුවමාරුව ශ්‍රී ලංකාවේ එකම කොටස් වෙළෙඳපොළ ලෙස ක්‍රියාත්මක වන අතර එමගින් ලයිස්තුගත සමාගම් හා ආයෝජකයන්ට හමුවීම සඳහා අවශ්‍ය පාරදෘශ්‍ය හා විධිමත් පරිසරය සකස් කෙරෙයි.
සාමාජික ආයතන 15 කින් හා ගනුදෙනුකරන සාමාජික ආයතන 15 කින් සමන්විත මෙය ශ්‍රී ලංකාවේ නෛතික රාමුවට අදාලව ඇපයෙන් සීමිත සමාගමක් ලෙස ලියාපදිංචි කර තිබෙන අතර ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිසන් සභාව මගින් අධිකාරිය ලබා තිබේ.
මෙම සියලුම සාමාජික ආයතන හා ගනුදෙනුකරන සාමාජික ආයතන කොටස් තැරැව්කරුවන් ලෙස ක්‍රියාත්මක වීමට ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිසන් සභාව මගින් බලපත්‍ර ලබාගත යුතුය. වැඩි විස්තර www.cse.lk වෙබ් අඩවියෙන් ලබාගත හැක.
වැඩි විස්තර සඳහා අමතන්න ,
නිරෝෂන් විජේසුන්දර ,
ප්‍රධානී අලෙවිකරණය
කොළඹ කොටස් හුවමාරුව
දුරකථන : + 94 112356510, ජංගම දුරකථන : + 94 777 819999, ෆැක්ස් : + 94 112445279
විද්‍යුත් තැපෑල : [email protected]