ව්‍යවස්ථා සම්පාදනය පිළිබඳව වර්තමානයේ දී කතා බහට ලක් වන අතර රජය ඒ සඳහා විශේෂඥයන්ගේ කමිටුවක් ද පත් කර තිබේ.
ව්‍යවස්ථා සම්පාදනයේ ප්‍රධාන ලක්ෂණය වනුයේ එය සම්පාදනය කරනුයේ ජනතාව විසින් විනා නීතිඥයන් විසින් නොව. සෝල්බරි ව්‍යවස්ථාවේ සිට සියලු ව්‍යවස්ථා සම්පාදනයේ දී අනුගමනය කරනු ලැබුවේ ද එම ප්‍රතිපත්තිය වන අතර ඉදිරි ව්‍යවස්ථාවද සම්පාදනය කළ යුත්තේ ජනතාව විසින් බව අවධාරණය කරන බව හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා ප්‍රකාශ කළේය.
ජාතීන් අතර සමගිය ඇතිකිරීමට අපි එකමුතු ශ්‍රී ලංකාවක් ගොඩනගන්න අවශ්‍යයි. එක එක රජයන් වල වැරදි වෙලා තිබෙනවා. රටක් පාලනය වෙන්න ඕනෑ දහමෙන් ආගමික නායකයන්ගෙන් නොවේ.මෙහිදී එකින් එකාට පරස්පර අපහාස කළ යුතු නැත.
අධිකරණ අමාත්‍ය අලි සබ්රි අමාත්‍යවරයා අද කරපු කතාව අගයනවා.හොඳ වචන අපි ක්‍රියාවට නංවන්න අවශ්‍යයි.
හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා අද පාර්ලිමේන්තුවේ පැවති අන පනත් තුනක් සංශෝධනය පිළිබඳ විවාදය අමතමින් මෙසේ ප්‍රකාශ කළේය.
සාක්ෂි සංශෝධන පනත, දණ්ඩ නීති සංග්‍රහ හා ඇප සංශෝධන පනතේ යල් පැන ගිය වචන හා යෙදුම් කාලීන තත්ත්වයට පත්කිරීමවෙනස් කිරීමට විපක්ෂයේ විරෝධයක් නැතැ. ඇප සංශෝධනයේ නිශ්තිදව දක්වා ඇති වැරදිවල දඩ මුදල් වෙනස් කර තිබේ.
නමුත් වර්තමානයේ අධිකරණය හරහා ක්‍රියාත්මක ඇප ගැන යමක් සඳහන් කරන්න කැමතියි.පුද්ගලයෙක් අත් අඩංගුවට ගත් විට ඔහුට ඇප දී නිදහස් කිරීම සාමාන්‍ය දෙයකි. ඇප යනු රීතියකි,ඇප නොදීම ව්‍යාතිරේඛයකි.මෙධාන තැනක් ගනුයේ විමර්ශනයට අවශ්‍ය නම් රඳවාගැනීම නැතහොත් නිදහස් කිරීමය.මෙය ඇප සම්බන්ධයෙන් ලෝකේම අනුගමනය කරනු ලබන සාමාන්‍ය ප්රතිපත්තියකි.
එහෙත් එයට පටහැනිව කොරෝනාව පසුබිමෙන් රජය බොහෝ අයව නිදහස් කරනවා.එහෙත් සමහරක් ව රඳවාගෙන තිබෙනවා.නියතවශයෙන්ම රජය ඇතම් අයව පළිගැනීමට ලක් කරමින් නිදහස් නොකොට සිටීමෙන් ඔවුන් කොරෙඔනා ආසදනයට ලක්වීමේ තර්ජනවලට මුහුන පානවා.
අපරාද විමර්ශන දෙපාර්තමේන්තුවේ ප්‍රධානිය ශානි අබේසේකර මහතා ගැන මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතුයි.අඉට්කෙන් ස්පෙන්ස් සමාගමේ අය්තිකාර මහතාව සහ තවත් ප්‍රභූවරුන් කිහිප දෙනෙක් පැහැරගැනීමට ලක්වූ අවස්තාවේ දී ශානි අබේසකර මහතා පරීක්ෂණ පවත්වා වැරදිකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කර දඬුවම් ලබා දුන්නා.
දේශපාලකයන්, පොලිස් හා හමුදා නිලධාරීන් පුද්ගලිකව අපරාදවලට හසුවු අවස්ථාවලදෙ ඔහු බලපෑම්වලට යට නොවූ නිසා ඔහු පළි ගැනීමට ලක් වෙනවා. පොලිසිය හා හමුදාවන් දූශිත නොව එහෙත් එහි ඇතම් පුද්ගලයන් වැරදි කරන විට ඔවුන්හට දඬුවම් පැමිණවිය යුතුයි.
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ හිතවතුන් වූ භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර මොහමෙඩ් ශියම් ඝාතනය කල අවස්තාවේ දී හිටපු පොලිස්පති ඉලන්ගකෝන මහතා එහි පරීක්ෂණ කටයුතු පැවරුවේ ද ශානි අබේසේකර මහතාටයි. ඔහුගේ අවංක ක්‍රියාවන් මත ඔහුට ප්රණාම හා උසස්වීම් ද ලැබීය.අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තු අධ්යක්ෂ තනතුරක පුරප්පාඩුව ඇති වූ විට එකල පාලකයන් විසින් ඔහුගේ නම යෝජනා නොකළ ද ව්‍යවස්ථා කවුන්සලය මගින් ශානි අබේසේකර මහතා එම තනතුරට උසස් කරන ලදී.
2017 වසරේ බැඳුම්කර විමර්ශනයේ දී ද අර්ජුන් ඇලෝසියස් හා කසුන් පලිසේන යන අය අළුයම අත් අඩංගුවට ගැනීමෙන් රටම විමතියට පත් කළේය.රජයේ හෝ පොලිසියේ ප්‍රධානීන් කිසිවෙක් මේ පිළිබඳව දැනුම්වත් වෙලා සිටියේ නැත.දේශපාලකයන් මේ පිළිබඳව උරණ වේ දැයි ඔහුට තැකීමක් නොතිබිණි.
මේ පිළිබඳව අද මා මේ කරුණු හෙළි කරනුයේ හුදෙක්ම යුක්තිය උදෙසාය.මා මෙහි සඳහන් කළ කිසිවෙකුත් සමඟ මට පෞද්ගලික සබඳතාවයක්. නැත. මේ අයට යුක්තිය ඉටු කිරීම සඳහා අප නැගී සිටිය යුතුයි.
ව්‍යවස්ථා සම්පාදනය පිළිබඳව අද මෙහිදී කතා බහට ලක් විය .රජය මේ සඳහා විශේෂඥයන්ගේ කමිටුවක් පත් කර තිබේ.ව්‍යවස්ථා සම්පාදනයේ ප්‍රධාන ලක්ෂණය වනුයේ එය සම්පාදනය කරනුයේ ජනතාව විසින් විනා නීතිඥයන් විසින් නොව. සෝල්බරි ව්‍යවස්ථාවේ සිට සියලු ව්‍යවස්ථා සම්පාදනයේ දී අනුගමනය කරනු ලැබුවේ මෙම ප්රතිපත්තියයි.