හෙම්මාතගම හරන්කහව ප්රදේශයේ පදිංචි දනුෂ්කා සංජීවනී නම් කාන්තාවකගේ ලක්ෂ දෙකමහාරක් පමණ වටිනා රත්තරන් බඩු තොගයක් සිය මව විසින් විදේශ රටක රැකියාවක් කරමින් සිටියදී එවා ඇති මුදලින් බැංකුවක උකස් කර තිබියදී බේරාගෙන රැගෙන යමින් සිටියදී හෙම්මාතගම ගම්පොල ලංගම බස් රථයේදී නැතිවී ඇති අතර ඒ සම්බන්ධයෙන් එම රථයේ කොන්දොස්තර මහතා වන අනුර මහතාට දුරකථන ඇමතුමකින් පවසා ඇති අතර ඔහු එම රන් භාණ්ඩ බස් රථයේ වැටී ඇති දැයි සොයා බලා සිටියද එය හමු වී නොමැති අතර පසුව සවස බස් රථය ගාල් කරන අවස්ථාවේ නැවත ඒ සම්බන්ධයෙන් සොයා බැලීමේදී ඔහුට එම රන් භාණ්ඩ හමු වී ඇත පසුව ඒ සම්බන්ධයෙන් එම කාන්තාවට පවසා හෙම්මාතගම බස්නැවතුම් පලේදී ඇය වෙත එම භාණ්ඩ ලබාදෙන ලදි.