අම්පාර පානම ප්රදේශයට කඩාවදින කොටියෙකු නිසා ප්රදේශවාසීන් දැඩි භීතියට පත්ව සිටී.
ඉකුත් 30වැනිදා කොටියාගේ ප්රහාරයට ලක්ව ගම්වාසියෙකු ජීවිතක්ෂයට පත්වූ අතර ඊයේත් (01) එම ප්රදේශයෙන් කොටි ප්රහාරයක් වාර්තා විය.
ප්රහාරයට ලක්ව ඇත්තේ හැලව කුඹුරු යායේ ගොවිතැන් සඳහා පිටත්වූ දෙදෙනෙකුගෙන් අයෙකි.
ප්රහාරයෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබේ.
කුමන අභය භූමියේ සිට මෙම කොටියා ගම්වදින බව ප්රදේශවාසීන් පවසයි.
ඊයේත් පස්වරු 6.30ට පමණ එම ප්රදේශයේම තවත් පිරිසක් වෙත කඩා වැදුණු කොටියා එක් අයෙකුගේ ගෙල සපා කෑ බව වාර්තා වේ.
ඔහු මේ වන විට පොතුවිල් මූලික රෝහලේ ප්රතිකාර ලබයි.