ශ්‍රී ලංකාවේ සංචාරය සඳහා පැමිණි තවත් යුක්රේන ජාතික සංචාරකයින් තිදෙනෙකුට කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.
වෛරසය ආසාදනය වූ සමස්ත යුක්රේන සංචාරකයින් සංඛ්‍යාව 06ක් දක්වා ඉහළ ගොස් ඇත.
කොවිඩ් -19 වසංගතය හමුවේ අත්හිටුවා තිබූ මෙරටට සංචාරකයින් ගෙන්වීමේ වැඩපිළිවෙළ යටතේ දෙසැම්බර් මස 28 වන දින යුක්රේන ජාතිකයින් 185 දෙනෙක් දිවයිනට පැමිණියේය.