ඊයේ සෙන්චූරියන්හි නිමාවට පත් වූ පළමු ටෙස්ට් තරගයෙන් ඉනිමක සහ ලකුණු 45ක පරාජයක් අත්විඳ ගැනීමට ඊයේ ශ්‍රී ලංකා පිලට සිදු විය.
ශ්‍රී ලංකා ඉනිම ඊයේ දිවා ආහාරයෙන් මොහොතකට පසු ලකුණු 180කින් නිමාවට පත් වූයේ දින එකහමාරක්ම ඉතිරිව තිබියදීය.
මේ ජයග්‍රහණයත් සමග තරග 2කින් සමන්විත ටෙස්ට් තරගමාලාව 1-0 කින් පෙරමුණ ගැනීමට දකුණු අප්‍රිකානුවන් සමත් වූ අතර, දකුණු අප්‍රිකානු භූමියේදී පළමු ඉනිම සඳහා විශාල ලකුණු සංඛ්‍යාවක් රැස් කර තිබියදීත් ඉනිමක පරාජයක් අත්විඳීමට සිදුවූ පළමු සංචාරක කණ්ඩායම වීමේ අවාසනාවන්ත වාර්තාවත් කරපින්නා ගැනීමට ශ්‍රී ලංකා පිලට සිදු විය.
තරගයේ වීරයා සම්මානය හිමි වූයේ දකුණු අප්‍රිකානු ඉනිම ගොඩ නගමින් ලකුණු 199ක් රැස් කළ ෆෆ් ඩු ප්ලෙසිටය.