යුටියුබ් හරහා ලොව වැඩිම මුදලක් උපයන පුද්ගලයා ලෙස ‘ෆොර්බෙස්’ සඟරාව විසින් අමෙරිකාවේ ටෙක්සාස් හි පදිංචි 09 හැවිරිදි රයන් කාජී නම් කොට තිබෙනවා. 2020 වසරේදී ඔහු විසින් උපයා ඇති ආදායම ඩොලර් මිලියන 30ක් බවයි එම සඟරාව සඳහන් කර සිටින්නේ.
තවමත් 09 හැවිරිදි වියේ පසුවන රයන් කාජී තම යුටියුබ් නාලිකාව වන ” Ryan’s world” හරහා සිදුකරන්නේ සෙල්ලම් බඩු සහ වීඩියෝ ක්‍රීඩා සම්බන්ධයෙන් සමාලෝචනය කිරීමයි.
රයන් කාජී යනු ලොවපුරා ළමුන් අතර ජනප්‍රිය චරිතයක් වන අතර ඔහුගේ යුටියුබ් නාලිකාව සතුව ඇති ග්‍රාහකයින් සංඛ්‍යාව කෝටි 2.77ක් වනවා. මේ දක්වා ඔහු පළකර ඇති යුටියුබ් වීඩියෝ සංඛ්‍යාව 1800ක්.
යුටියුබ් නාලිකාව හරහා අමෙරිකානු ඩොලර් මිලියන 29.5ක් උපයා ගන්නා රයන් ඔහුගේ සන්නාමය සහිත සෙල්ලම් භාණ්ඩ සහ ඇඳුම් හරහා උපයා ඇති ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 200ක්.