රට තුළ පවත්නා තත්වය හමුවේ ජාති, ආගම්,කුල වශයෙන් තීන්දු තීරණ ගැනීමකින් තොරව විද්‍යාත්මක පදනමක් සහිතව මෙම වසංගත රෝගය මැඩ පැවැත්වීම සඳහා සියළු දෙනා රටක් වශයෙන් කටයුතු කළ යුතු බව ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවති පක්ෂ නායකයින්ගේ මාධ්‍ය හමුවක දී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
එමෙන්ම වැඩිවෙමින් පවත්නා ජීවන වියදම සම්බන්ධයෙන් මාධ්‍ය වේදීන් අසන ලද ප්‍රශ්න සඳහා පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මෙසේ අදහස් දක්වන ලදී.
” වෙළෙඳ විෂය භාර කැබිනට් අමාත්‍යවරයා වශයෙන් මට බොහොම අවංකව හා හෘදයාංගමව රටේ මහජනතාවට ප්‍රකාශ කිරීමට තිබෙන්නේ, ලංකා ඉතිහාසයේ නොවූ විරූ දැවැන්ත වසංගත තත්වයකට අප මේ වන විට මුහුණ පා තිබෙනවා.
ලොව බලවත්ම රාජ්‍යයන් වලට පවා මෙයින් ගැලවීමට නොහැකි තත්වයකට පත්ව තිබෙනවා. එමෙන්ම සියළු අංශ වලින් ඉහළ මට්ටමකට පැමිණියද තම රටවල ජන ජීවිත බේරා ගත නොහැකිව දස දහස් ගණනින් මියයමින් ලොව පුරා මෙම තත්වය පැතිරෙමින් පවතිනවා.
වරාය, ගුවන්තොටුපළ, කර්මාන්තශාලා, ආනයන අපනයන අංශ සම්පූර්ණයෙන්ම වැසීගොස් තිබෙනවා. රැකියා පවා අහිමි වී ජීවත්වීම සඳහා දැවැන්ත අරගලයට මුහුණ පාන ලෝකය ඉදිරියේදී ලොව දරිද්‍රතාවය ඉහළ යනු ඇතැයි ලෝක බැංකුව පවා මේ වන විට සිය නිගමනයන් ඉදිරිපත් කර තිබෙනවා.
එබැවින් සමස්ත ලෝකයේම පැවැත්ම අඩාල වී පවතින විට රටක් වශයෙන් අපට පමණක් මෙයින් ගැලවීමේ හැකියාවක් නැහැ.
එමෙන්ම වරායන්,ගුවන්තොටුපළවල් වසා දැමීම තුළ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟයක් ඇති වීම රජයකට නැවැත්විය නොහැකි වුවත් ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍යතුමා ප්රමුඛ වත්මන් රජය මඟින් මීට විසඳුමක් ලෙස දේශීයව නිෂ්පාදනය කළ හැකි සියළු දේ නිෂ්පාදනය කිරීම අදියර කිහිපයකින් දැනටමත් ආරම්භ කර තිබෙනවා.මෙය දිගු කාලීන ප්‍රතිපත්ති මත පදනම්ව ජාතික වැඩසටහනක් වශයෙන් ක්‍රියාත්මක කර තිබෙනවා.”
වසංගත තත්වය හමුවේ රට තුළ පවත්නා වත්මන් තත්වය සම්බන්ධව මාධ්‍යවේදීන් විසින් නගන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඒ මහතා ප්‍රකාශ කළේ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් ඇතුළු සෞඛ්‍ය අංශයේ නිරීක්ෂණ මත පදනම් වූ නිගමනයන් තුළින් ගනු ලබන තීරණ මත පදනම්ව රට තුළ වසංගත තත්වය පාලනය කිරීම සඳහා සියළු දෙනා එක්ව කටයුතු කළ යුතු බවත් මෙහිදී ගනු ලබන තීරණයන් දේශපාලනීකරණය කරමින්, ඒ තුළින් පදනම් විරහිතව විවිධ මතවාදයන් සඳහා ජනතාව පොළඹවමින් එය අනිසි ලෙස භාවිතා කිරීමට ක්‍රියා කිරීම තුළ ජනතාව මුළා වීමකට ලක් කොට සිය පටු දේශපාලන අරමුණු සාක්ෂාත් කරගැනීමට උත්සාහ කිරීම කිසිසේත් සිදු නොකළ යුත්තක් බවයි.
එමෙන්ම මෙහිදී අමාත්‍යවරයා, මහනායක හිමිවරුන් ප්රමුඛ බෞද්ධ ආගමික නායකයින් හා අගරදගුරුතුමන් ප්රමුඛ කතෝලික ආගමික නායකයින් පවත්නා වසංගත තත්වය තුළ කටයුතු කරනු ලබන ආකාරය පිළිබඳව ද සිය ප්‍රශංසාව එක් කරන ලදී.