තවත් කොරෝනා මරණ 04ක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 191 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.
ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිතයින් 674 දෙනෙකු වාර්තා වී ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා. එලෙස වාර්තා වූ රෝගීන් ගෙන් 668 දෙනෙකු පෑලියගොඩ මත්ස්‍ය වෙළෙද සංකීර්ණය හරහා ඇතිවූ ආසාදිතයින් වන අතර සෙසු 06 දෙනා විදේශ ගතව සිට පැමිණි පුද්ගලයින් වනවා.
මෙරට ඇතිවූ කොවිඩ් දෙවන රැල්ලෙන් ආසාදිතයින් 37,360ක් වන අතර රටේ සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 41,054ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
දැනට සුවය ලබා ඇති කොවිඩ් ආසාදිතයින් ගණන 32,701ක් වන අතර රෝහල් ගතව සිටින ආසාදිතයින් සංඛ්‍යාව 8,162ක්.