කොරෝනා රෝගීන් වෙනුවෙන් නව ප්‍රතිකාර මධ්‍යස්ථාන ඇති කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
දැනට වසා දමා ඇති කුඩා පාසල් හදිසි අවස්ථාවකදී ඒ සඳහා ලබා ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මහජන සෞඛ්‍ය සේවා පිළිබඳ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් සඳහන් කරයි.
පළාත්වල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් ඇතැයි ද ඔහු සඳහන් කරයි.