Aboutceylon Online

ජනවාරි 11 නව පාසැල් වාරය ඇරඹේ

සමාජ මාධ්‍යය ප්‍රචාරණය
නව පාසල් වාරය ලබන ජනවාරි මස 11 වෙනිදා සිට ආරම්භ කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.
සියලු පාසල්වල 1-5 ශ්‍රේණි ද ඇතුළුව සියලු ශ්‍රේණිවල සිසුන්ට පාසල් ඇරඹෙන බවයි එම නිවේදනයෙන් වැඩිදුරටත් සඳහන් වන්නේ.
එහෙත් බස්නාහිර පළාතට අයත් කොළඹ, ගම්පහ, කලුතර දිස්ත්‍රික්කයන්හි පාසල් සහ හුදකලා කළ පොලිස් බල ප්‍රදේශවල පිහිටි පාසල් මෙදින ආරම්භ නොකෙරේ.

2020 වර්ෂයේ තුන්වැනි පාසල් වාරය අවසන් වන අතර, මෙම වර්ෂය අවසන් වනවිට සියලුම සිසුන් ඊළඟ පන්තියට උසස් කළ යුතු බවත්, ඒ අනුව 2021 වර්ෂයේ නව පාසල් වාරයේ දී සිසුන් උසස් කරන ලද පන්තියේ ඉගෙනුම ලැබිය යුතු අතර ඊට අදාළ පෙළ පොත් මෙම වර්ෂය අවසානයේ දී සියලු සිසුන් වෙත ලබාදිය යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශය සියලු පළාත් ප්‍රධාන ලේකම්වරුන්, පළාත් අධ්‍යාපන ලේකම්වරුන්, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, පරිවේණාධිපතිවරුන් හා විදුහල්පතිවරුන් වෙත දැනුම් දී ඇත.

Scroll to Top